පුපුරා යාමට ආසන්න ව්‍යාපාරිකයන් ගේ ඉවසීමේ සීමාව

පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු මෙරට ව්‍යාපාරික ප්‍රජාවට තවත් මරු
පහරක් එල්ලවූයේ නව්‍ය කොරෝනා වෛරසයත් සමඟයි. රට
සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවතියද වසර එකහමාරකට අධික
කාලයක් ව්‍යාපාර නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිවීමෙන්
ව්‍යවසායකයින් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකට. ඔවුන්ට සහනයක්වීම
සඳහා රජය කිසියම් වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නද බැංකු මගින් එම
සහන ලබාදීම සූක්‍ෂම අයුරින් මගහරිමින් සිටිනවා.


ඒ අනුව රජය කෙරෙහි ව්‍යාපාරිකයින් තුළ පවත්නා විශ්වාසය ද ක්‍රමයෙන්
බිඳවැටෙන තත්ත්වයකුයි මතුව ඇත්තේ. මේ පිළිබඳ ඔවුන් අමාත්‍ය
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්
කබ්රාල් මහතා ද දැනුවත් කිරීමට පියවර ගත්තා. එමෙන්ම
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන
මහත්වරුන් ද ලිපි මගින් දැනුවත්කර තිබෙනවා. ගැටලුවට කඩිනම්
විසඳුම් නොලැබෙන්නේ නම් ගණුදෙනු කරුවන් සමඟ ව්‍යාපාරිකයින්
ද පාරට බසින දිනය වැඩි ඈතක නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *