පිටරැටියන්ගේ රස නහර පිනවා ජීවිතය ජයගත් කාන්තාවක්

ගොරකා වලින් ලෝකෙ අල්ලන දිරිය කත

අපේ රටේ කාන්තාවන්ගේ වීරත්වයත් කැපවීම්ත් ලොව අන් රටක ට සමාන කළ නොහැකිය. ජතියක් බේරාගැනීමට විහාරමහදේවිය එදා මුහුදට බිලිවීම ගියා. එමෙන්ම ලොව පළමු අග‍්‍රාමාත්‍යවරිය බිහි වූයේ ද අපේ රටෙන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එවන් වීර කාන්තාවන් අදත් මේ පුණ්‍යවන්ත පොළවේ සිටිනවා. එ් අතුරින් එක් කාන්තාවක් අපට හමුවූයේ අහම්බෙන්. අපට ඇය හමුවූ දා බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායිකාව ලෙස ඇය සම්මාන දිනා ගත්තා. ඒ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අතහිත තුළින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගත් අපේම දිරිය කාන්තාවක ලෙසිනුයි.

ඇය නමින් සේනානි වරුසවිතාන. ගොරකා ක‍්‍රීම් එක සාදා අපනයනය කිරීම ඇයගේ ව්‍යාපාරය යි. ඇය මේ වනවිට රටවල් හතරකට සිය අපනයන සිදු කරනවා. ගොරකා කිලෝ පහකින් ආරම්භ කරපු ගමන තමයි ඇය මේ විදිහට ඇවිත් තියෙන්නේ. අතේ සතේ නැතුව හිටියත් හිතේ වීරිය ඇත්නම් ලෝකයක් දිනන්න පුළුවන් කියලා සේනානි මේ වන විට අපට පෙන්නුම් කරලා අවසන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *