පැරෑලිය මුහුදේ ගිලි මියගිය තරුණයන්ගේ කතාව
එක් තරුණයෙකු දියේ ගිලෙණු දුටු අනෙක් තරුණයා ඔහුව බේරා ගැනීමට දියට පැන ඇත.
ගාල්ල හික්කඩුව පැරෑලිය මුහුදේ දිය නෑමට ගිය පිරිසක් අතර තරුණයින් දෙදෙනෙකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි. පසුගිය 23 දින එම ප්‍ර දේශයේ අවන්හලක සේවය කරන එකොලොස් දෙනෙකුගෙන් යුතු පිරිසක් ක්‍රීඩා කිරීම සදහා පැරෑලිය ඉදිකෙරෙමින් පවතින ධීවර වරාය අසලට පැමිණ ඇත. වෙරලේ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එක් තරුණයෙකු මෙසේ දිය නෑමට ගොස් ඇති අතර ඔහු දියේ ගිලෙණු දුටු අනෙක් තරුණයා ඔහුව බේරා ගැනීමට දියට පැන ඇත. එම අවස්ථාවේ දී ඔහු ද දියේ ගිලීමෙන් මෙසේ මියගොස් ඇත. දියේ ගිලීමෙන් මෙසේ මියගොස් ඇත්තේ රත්ගම කටුපොල්වත්ත ප්‍ර දේශයේ පදිංචි එම්. පැතුම් දිල්ෂාන් නැමැති ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ දහ අට හැවිරිදි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය යෙකු වන දොඩම්පේ ගමගේ ගයනුක ජිත්මල් නැමැති තරුණයින්ය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.