පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් පෙති අලෙවි කළ හොර වෛද්‍ය වරයෙක් අල්ලයි

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් පෙති අලෙවි කළ වෛද්‍ය වරයෙක් හා වෛද්‍ය මධ්‍යස්ථානයක් වීරගුල පොලිසිය විසින් ඊයේ 15 සිදුකළවිශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය පවසයි

පස්යාල වීරසූරිය කන්ද ප්‍රදේශයේ වසර ගණනාවක සිට වෛද්‍යවරයෙකු වශයෙන් පෙනී සිටිමින් වෛද්‍ය කටයුතු වල නිරත වී ඇති බවත් එම බෙහෙත් ශාලාවේ සිට මොහු වේදනා නාශක පෙති ලබා දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙහි තිබූ වේදනා නාශක පෙති තොගය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත

මොහුට බටහිර ඖෂධ ලබා දීමට හෝ ගබඩා කිරීම ට කිසිදු බලපත්‍රයක් නොමැති බව පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත

මොහු සතුව ආයුර්වේද අය වෛද්‍ය සහතික තිබුණත් ඒවා ද සැක සහිත බව පොලිසිය පවසයි.

මොහු විසින් මත් පෙති වශයෙන් නිකුත් කළ ඖෂධ වර්ග හෙරොයින් ගන්නා ආදේශක බවට පොලිසිය සැක කරන අතර එක පෙත්තක් රුපියල් 700 ක්
වැනි අධික මිලකට අලෙවි කර ඇති බව ත් පොලිසිය පවසයි

අත් අඩංගුවට ගත් මත්පෙති ප්‍රමාණය ලක්ෂයකට ආසන්න බව පොලිසිය පවසයි

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මhහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා , ගම්පහ 2 සහකාර පොලිස් අධිකාරී සමරනායක යන මහත්වරුන් ගේ අධීක්ෂණයෙන් වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කෙරිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *