පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවත් බාල්දියක් දමාගනි— 7 වැනිදා අධිකරණ තින්දුච කලින් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවත් බාල්දියක් දමාගනි— 7 වැනිදා අධිකරණ තින්දුච කලින් කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති නඩු සම්බන්දයෙන් ලබන 7 වැනිදා අධිකරණය විසින් ලබා දෙන නඩු තීන්දුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වේලාසනම අදහස් පළ කළේය.

දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ තුනට දෙකක් ලෙස විනිසුරු මඩුල්ල නඩුව තම පාර්ශවය වාසි වන ලෙස හමාර කරනු ඇති බවයි.

මන්ත‍්‍රීවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතිවේදීන් ගණනාවක් ම විරෝධය පළ කරමින් කියා සිටියේ මෙය අධිකරණයට අපහාස කිරීමක් බවයි.

මන්ත‍්‍රීවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි තීන්දුව ලබන මාසයේ දීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *