පාර්ලිමේන්තුව යළි හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව යළි හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට(16) දිනයේ දී නැවත වතාවක් රැස්වෙන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

නොවැම්බර් මස 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බව මීට පෙර කථානායක කාර්යාල විසින් දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් මීට ටික වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (16) පස්වරු 1.30 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ.

අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතර දැඩි උණුසුම්කාරි වතාවරණයක් හටගත්තේය.

අද පාර්ලිමේන්තුව ආරම්භයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

ඉන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අදහස් පල කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ප්‍රකාශය පිළිබඳ විශ්වාසය නොමැති බවට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඊට අදාලව ඡන්ද විමසීමක් පැවැත්විම සඳහා සභාවේ එකඟතාව කතානායකවරයා විසින් විමසූ අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පල කරමින් කතානායක අසුන අසලට රැස්විය.

අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ සෙසු විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක අසුන අසලට රැස්වීමත් සමඟ දෙපිරිස අතර නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගත්තේය.

එහිදී දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරි තත්ත්වයක් ද හටගත් අතර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *