පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට මිරිස් කුඩු ප්‍රහාරයක්

ප්‍රහාරයට විජිත හේරත් සහ ගාමිණී ජයවික්‍රම හසුවේ

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ තමන්ගේ තොලද පැලෙන ලෙස මේ මදාවියෝ පහර දි තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවය.එමෙන්ම මිරිස් කුඩු මිශ්‍ර දියරයකින් පහර දි තිබුණ බව මාධ්‍ය හමුවේ කියා සිටියේ මහත් පිළිකුලෙනි.
මේ අතර එජාපයේ ජේෂ්ඨයෙකු ජයක්‍රමවික්‍රම පෙරේරා කියා සිටියේ තමාටද මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවු බවය.
එමෙන්ම පොලිසියට මිරිස් කුඩු අහුරකින් දමා ගසන බව මාධ්‍ය විසින් අපුරුවට රටට ලෝකයාට පෙන්වා දුණි.
අද පෙරවරුවේ ඩලස් අලහප්පෙරුම කියන්නට යෙදුන මන්ත්‍රි වෙස්ගත් මැරයෝ සිටින්නේ කොයි පැත්තේදැයි දැන් රටත් ලෝකයාත් ඉතා හොදින් දන්නා බවයි,. එහෙත් අද දිනයේ සිදුවූ සිද්ධිය හරහා මැරයෝ සිටින්නේ කොයි පැත්තේදැයි දක්නට ලැබුණු බව විපක්ෂය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *