පාර්ලිමේන්තුවේදි විමල්ට මොකද වෙන්නේ

 

විමල්ගේ ප්‍රකාශය ගැන කථානායකගේ අවධානය

වීමල් වීරවංශ මහතා පසුගියදා කර ඇති මේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජන නියෝජිතයන්ගේත් ජීවිත ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තර්ජනයක්‌ එල්ල කර තිබෙනවා. -කථානායක කරු ජයසූරිය මහතා

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට අවශ්‍ය බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධව ලබන 30 වැනිදා පාර්ලිමේන්තුව රැස්‌ වූ විගසම සභාවේ අවධානය යොමුකර සුදුසු පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ‘දිවයින’ ට ප්‍රකාශ කර ඇත “මට පුදුමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ම මේ වගේ ප්‍රකාශයක්‌ කිරීම ගැන විමල් වීරවංශ මහතා පසුගියදා කර ඇති මේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජන නියෝජිතයන්ගේත් ජීවිත ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තර්ජනයක්‌ එල්ල කර තිබෙනවා. මේ ගැන බොහෝ පිරිසක්‌ බියට පත්වෙලා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මට කතා කරලා මේ ගැන විමසනවා. ගරුතර ස්‌වාමීන්වහන්සේලා පවා මගෙන් විමසීම් කරනවා. මේ ප්‍රකාශය පිළිබඳ දැඩිව සැලකිලිමත් වෙන්ට කියලා ආණ්‌ඩුවේ වගේම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්, තවත් විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම මගෙන් ඉල්ලීම් කරනවා.

මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්‌ථානය. එවන් උත්තරීතර ආයතනයක්‌ පිළිබඳව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කර තිබෙන මේ තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින්වත් සුළුවෙන් තකන්න එපා කියා හැම පාර්ශ්වයක්‌ම ඉල්ලා සිටිනවා. ඒ නිසා යළි පාර්ලිමේන්තුව රැස්‌ වූ වහාම මේ ගැන සභාවේ අවධානය යොමුකරනවා. ඉන්පසු මේ සම්බන්ධ සුදුසු පියවර ගැනීමට මම අපේක්‍ෂා කරනවා” යෑයි ද කථානායක කරු ජයසූරිය මහතා ‘දිවයින’ ට පවසා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *