පාර්ලිමේන්තුවට යන්න පාර අමතක වූ මන්ත්රී
පාර්ලිමේන්තුවට යන්න පාර අමතක වූ මන්ත්රී
කොළඹ දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මධුර විතානගේ
මහතා අද (20) උදෑසන තම නිවස පිහිටි ස්ථානයේ සිට බෝට්ටුවෙන්
පාර්ලිමේන්තුවට පිවිසියා. පාර්ලිමේන්තුවට බෝට්ටුවකින් මන්ත්රීවරයෙක්
ගමන් කළ පළමු අවස්ථාව ලෙස ද මෙය හැඳින්වෙනවා.
මෙවර පාර්ලිමේන්තුට තේරී පත්වූ මන්ත්රීවරුන් 81 දෙනා අතුරින් මධුර විතානගේ
මහතා එක් අයෙක්. මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්රික්කයෙන් 8
වන ස්ථානයට මනාප හිමිකර ගත් ඔහු පළමුවරට අද දිනයේ දී
පාර්ලිමේන්තුවට පිවිසියා.