පාතාලය මර්දනය නොකර පොලිසිය භාවනා කරනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පාතාලය මර්දනය නොකර පොලිසිය භාවනා කරනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අද රටම මහ විනාශයකට පත්කරලා පාතාලයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩි වෙනවා. මේවට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. පොලිසිය හරහා මේවා මැඬපැවැත්විය යුතුයි. පොලිස්‌පති භාවනා කරනවා. පාතාලය මර්දනය කිරීම පැත්තක තබා රජය අපේ පස්‌සෙන් එලවනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊයේ (17 දා) අනුරාධපුරයේදී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ (17 දා) පෙරවරුවේදී ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑය අබියස පැවැති ආගමික වතාවත්වලින් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්‌ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මැදගොඩ හිමියන් සිදුකළ ප්‍රකාශය නිවැරැදි බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 දා) දින පෙරවරුවේදී අටමස්‌ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ආගමික වතාවත්වලට සහභාගි විය.

අනතුරුව රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය වැඳපුදා ගත්තේය. මෙහිදී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් හිටපු ජනාධිපතිවරයා වෙත පිරිත් දේශනාකොට ආශිර්වාද කරන ලදී.

ආගමික වතාවත්වලට පැමිණ සිටි සැදැහැවත්හු විශාල පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක්‌ විමසමින් සුහද කතාබහකටද එක්‌වූහ.

ලංකාරාමය මිරිසවැටිය සහ ජයන්ති විහාරස්‌ථාන වැඳපුදා ගැනීමටද හිටපු ජනාධිපතිවරයා මෙදින එක්‌විය. මෙම ආගමික වතාවත් සඳහා අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්‌. එම්. චන්ද්‍රසේන, එච්. සී. මුතුකුමාරන, ශෙහාන් සේමසිංහ, උතුරු මැද හිටපු මහ ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන්, හිටපු සභාපති ටී. එම්. ආර්. සිරිපාල, එච්. බී. සේමසිංහ, නගරාධිපති එච්. පී. සෝමදාස යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *