පළාත් පාලන මැතිවරණයේ මුල්ම ජන්ද ප්‍රතිපලය ගාල්ල අක්මිමනින් නිකුත් වේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එජාප ඉදිරිපත් වන්නට නියමිත අක්මීමන චින මිත්‍රත්ව ගම්මානයේ අපේක්ෂකයෙන් මෙවර ජන්දය ඉල්ලිම සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරචිච මහතා හමුවීමට ගොස් ඇත. ඒ 06 දින දීය. ඒ අනුව තහවුරු වී ඇත්තේ ඒ අපේක්ෂකයාගේ නම අදාළ චන්දහිමි නාම ලේඛනයේ නොමැති බවයි.
මේ අනුව අදාළ අපේක්ෂකයා ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ගොස් තම නම අදාළ ජන්ද හිමි නාමලේඛනයට ඇතුලත් කරගෙන ඒ බව සනාත කරගෙන මන්ත්‍රිවරයා හමුවීමට ගොස් ඇති බව පෝද්දල පොලිසිය පවසයි.
මේ අපේක්ෂකයා මන්ත්‍රිවරයා හමුවන්නට යන අවස්ථාවේ දී ඔහුගේ ආධාර කරුවෝ 30ක 40ක් පරිසක් ද කැටුව මන්ත්‍රිවරයා හමුවන්ට ගොස් ඇත. මේ අනුව අදාල සිද්ධිය ගැන කතා කිරිමේ දී අපේක්ෂකයාගේ ආධාරකරුවෙක් ජංගම දුරකතනයකින් මෙම සිද්ධිය වීඩියෝගත කර ඇත.
මෙයට උරණ වු ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ජංගම දුරකතය මගින් විඩියෝ කළ තරුණයාට පහර දී එළවා දැමා ඇත. මේ අනුව චින මිත්‍රත්ව ගම්මානයේ අපේක්ෂකත්වය ලබාගන්නට ගිය පුද්ගලයා තම ආධාරකරුවාට පහර දුන් බව කියමින් ගාල්ල පෝද්දල පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති බව ගාල්ල පෝද්දල පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වේ.

අප මේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙටිටිආරච්චි මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා  දුරකථනය විසන්ධි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *