පළාත් පාලන ආයතනවල එජාපය සමඟ එක්ව පොහොට්ටුව බලය පිහිටුවීම ගැන පරීක්ෂණයක් කරනවා—හිටපු ජනාධිපති

පළාත් පාලන ආයතනවල එජාපය සමඟ එක්ව පොහොට්ටුව බලය පිහිටුවීම ගැන පරීක්ෂණයක් කරනවා—හිටපු ජනාධිපති

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (03) පස්වරුවේ කුරුණෑගල මහව ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද චන්ද්‍රලාල් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කුරුණෑගල මහව බලල්ල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසේදි ඊයේ (02) රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල නායකයින් සහ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් විණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ පැවති සාකච්ඡාවේදී මැයි දිනය පිළිබඳ සාකච්ඡාවට බඳුන් කළ බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සියලුම පක්ෂ එක්වී ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දිනය පවත්වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

8 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විපක්ෂයට 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එක්වන බවත් එම පිරිස සාදරයෙන් පිළිගන්නා බවත් මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *