පස්සර බස් අනතුරේ මරණ ගණන 13 දක්වා ඉහළට

පස්සර බස් අනතුරේ මරණ ගණන 13 දක්වා ඉහළට

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මරණ ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

එහිදී තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්විය

අද (20) පෙරවරු 7.15 ට පමණ එම අනතුර සිදුව තිබුණි.

පොලිසිය පැවසුවේ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *