පරිභෝජනයට නුසුදුසු ලූනු තොග පිටින් ගබඩාවක * මත්ද්‍රව්‍ය නිපදවූවාදැයි සැක

පරිභෝජනයට නුසුදුසු ලූනු

තොග පිටින් ගබඩාවක * මත්ද්‍රව්‍ය නිපදවූවාදැයි සැක

luunu අලෙවිය සඳහා සකසමින් තිබූ මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ලූනු තොගයක්‌ වැටලීමට පල්ලෙවෙල පොලිසිය සමත්විය.

කල්එළිය දම්පිල්ලෑව ප්‍රදේශයේ විශාල ගබඩා දෙකක මෙම ලූනු තොගය ගබඩා කර තිබී ඇති බවට පොලිසියට ලද තොරතුරක්‌ අනුව
මෙම ස්‌ථානය වටලන අවස්‌ථාවේ නරක්‌ වූ ලූනු තොගයක්‌ විදුලි පංකා යොදා ගනිමින් වේලමින් තිබූ බව පොලිසිය පවසයි.

කල්එළිය දම්පිල්ලෑව ප්‍රදේශයේ විශාල ගබඩා දෙකක මෙම ලූනු තොගය ගබඩා කර තිබී ඇති බවට පොලිසියට ලද තොරතුරක්‌ අනුව
මෙම ස්‌ථානය වටලන අවස්‌ථාවේ නරක්‌ වූ ලූනු තොගයක්‌ විදුලි පංකා යොදා ගනිමින් වේලමින් තිබූ බව පොලිසිය පවසයි. කිසිවෙකුටත්
නොපෙනෙන ආකාරයෙන් උස්‌ තාප්ප වලින් වටකර තිබූ මෙම ස්‌ථානයේ කලක්‌ තිස්‌සේ ආනයනික ලූනු මෙසේ තොග වශයෙන් අලෙවි
කිරීමේ කාර්යයේ නිරත වී ඇති බව පොලිසිය පවසයි. මෙම ගබඩා වල තිබී දුම්කොල නැටි සහ කුඩා ප්ලාස්‌ටික්‌ වැනි සිහින් කැබලි ද්‍රව්‍යයන් අඩංගු මලු තොගයක්‌ද පොලිසියට හමුවිය.

මේවා යොදා ගනිමින් කිසියම් වූ මත්ද්‍රව්‍ය විශේෂයක්‌ නිෂ්පාදනය කරන්නේ දැයි යන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම ගබඩා සංකීර්ණයේ හිමිකරු ඇතුළු සේවකයන් හතර දෙනකු සැකපිට මේ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරීක්‍ෂාවට පරීක්‍ෂණයකට මෙම ලූනු තොගය ලක්‌ කිරීමට නියමිත බැවින් මෙම ගබඩා සංකීර්ණයට පොලිස්‌ ආරක්‍ෂාව යොදා ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල මහතාගේ උපදෙස්‌ මත අත්තනගල්ල සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්‍ෂණයෙන් පල්ලෙවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අසේල පෙරේරා, පොලිස්‌ සැරයන් (7258) ජයරත්න, පොලිස්‌ කොස්‌තාපල්වරු වන (90376) කරුණාරත්න, (46492) ප්‍රදීප් යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *