පරිගණක සොරා මල්රිවතුහිරිපිටිය පොලීසියට කොටුවෙි–කැසිනෝ ගැසිමට පරිගණක සොරකමෙි යෙදිලා ????—විඩියෝ ඇත

පරිගණක සොරා මල්රිවතුහිරිපිටිය පොලීසියට කොටුවෙි–කැසිනෝ ගැසිමට පරිගණක සොරකමෙි යෙදිලා ????—විඩියෝ ඇත

රාත්‍රි සමාජ ශාලා යාම පිනිස මුදල් උපයාගැනීමට වෙළඳ සල් බිද බඩු සොරා ගැනීමෙහි යෙදුනු බව කියන පුද්ගලයෙකු , ඔහු සොරා ගත් පරිගණක සහ උපාංග සමගින්ද මල්රිවතුහිරිපිටිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු විළිඹුල ප්‍රදේශයෙහි පදිංචි 26 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු.

මෙයට මාස දෙකකට පමණ පෙර හේනේගම , ඉඹුල ප්‍රදේශයෙහි පිහිටි පරිගණක අලෙවි සැලකට රාත්‍රි කාලයේ ඇතුළු වී එහි තිබූ පරිගණක ඇතුළු තවත් උපාංග සොරා ගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් එහි හිමිකරු විසින් පොලීසිය පැමිණිළි කොට තිබේ.

මේ අනුව මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත තෙන්නකෝන් මහතා මෙහෙයවීම යටතේ පරීක්ෂණ සිදු කරමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි අපරාධ විමර්ශන අංශ නිලධාරීන්ට පරිගණකයක් රැගෙන යමින් සිටි අයෙකු හමුව ඇති අතර මොහුගෙන් ප්‍රශ්ණ කොට පරිගණකය පරීක්ෂා කිරීමේදී වෙළඳ සලෙහි තිබී සොරකම් කරන ලද පරිගණකයක අංකයක් සහිත බව පෙනී ගොස් ඇත.

මේ හෙයින් ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී ඉඹුල පරිගණක වෙළඳ සලෙන් බඩු සොරකම් කළ බව අනාවරණය වී තිබේ.

අනතුරුව වැඩි දුරටත් පුශ්ණ කිරීමේදී රාත්‍රි කාලයේදී වෙළඳ සලට ඇතුලුවී පරිගණක, ලැප්ටොප් , ප්‍රින්ටර් සහ තවත් උපාංග සොරා ගෙන ස්ථානය කිහිපයකට අලෙවි කළ බව හෙළිවු බවත් මේ අනුව මහර , කොට්ටාව, කැලණිමුල්ල සහ කොටිකාවත්ත යන ප්‍රදේශයන්ට අලෙවි කොට තිබී සොයා ගැනීමට හැකිවු බවත් පොලීසිය පවසයි.

එලෙස අලෙවි කොට තිබු පරිගණක 4 ක් , ප්‍රින්ටර්ස් 5 ක් , පරිගණක එකක් සහ තවත් උපාංග කිහිපයක් පොලීසියට සොයා ගැනීමට හැකිව ඇත

සැකකරුගේ පියා ආරක්ෂක අංශයක සේවය කරන්නෙකු බවත් මෙම සැකකරු සම්බාහන මධ්‍යස්ථාන සහ රාත්‍රී සමාජශාලා යාමට මෙන්ම කැසිනෝ සූදුවට යොමුව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස මෙලෙස සොරකම් වල යෙදීමට යොමුව ඇති බවත් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වු බවද පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *