පරණ පව්වල ණය ගෙවල මින්පසු යූ.එම්.පී. කාරයින්ට වැඩ කරනවා.

පරණ පව්වල ණය ගෙවල මින්පසු යූ.එම්.පී. කාරයින්ට වැඩ කරනවා.

පාක්ෂිකයොත් තරහ කරගෙන මෙච්චර කලක් රජපක්ෂලාගේ පරණ පව්වල ණය ගෙවල මින්පසු යූ.එම්.පී. කාරයින්ට වැඩ කරනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියයි.

මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය කන්දරාව අවසන් වේගන යනවා. ඒ අතරේ කෝටි ගනන් වටින ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. මේවා ආණ්ඩුවෙ මාධ්‍යවලිනවත් කියන්නෙ නෑ. මේ වන විට බලපිටිය රෝහලට තට්ටු 10 ක දැඩි සත්කාර ඒකකයක් ලබා දීල තිබෙනවා. ඇල්පිටිය රෝහලටත් එහෙමයි. ඒ වගේම අනිකුත් රෝහල්වලටත් විශාල ලෙස මුදල් වැය කරල තිබෙනවා. සෞඛ්‍ය ඇමතිතුමා බෙහෙත්වල මිල අඩු කරල තිබෙනවා. දැන් රෝහල්වල බේත් තිබෙනවා. මේ සියල්ල කරන අතරේ සුදුසුකම් තිබෙන සියළුම යූ.එම්.පී. කාරයින්ට සමෘද්ධිය ලබා දෙනවා. ඇත්තෙන්ම අපි දිනුවට පසස්සෙ යූ.එම්.පී. කාරයින්ට දැනෙන වැඩක් කලේ නැහැ. ඒත් දැන් ඒ අයට උදව් කල යුතුයි. ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉහත සඳහන් අදහස් පල කලේ බලපිටිය ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බලපිටිය ආසන බල මංණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා පසුගිය 05 දා කොළඹ වටලන බව කීවද අන්තිමට උනේ ලේක් හවුස් වට රවුමට සීමා වීම පමණක් බවද රාජපක්ෂලා රජ කරවීමට ජනතාව සූදානම් නොමැති බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *