නෙළුව ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම පොලිසිය බලා සිටිය දීම

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව

නෙළුව ප්‍ර දේශයේ දී ගිං ගගේ වැලි ගොඩ දැමීම පොලිසිය බලා සිටිය දී, රාජ්‍ය නිළධාරීන් බලා සිටිය දී උදේ සවස සිදුවීමට බලපාන හස්තය කුමක් දැයි දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා ප්‍රශ්න කරයි. ඒ මහතා එසේ ප්‍රශ්න කර සිටි යේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හා එක්වෙමිනි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 17 දින එහි සමසභාපතිවරුන් වන දකණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා සහ එජාප ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා.

මේ වැලි ගොඩ දැමීම රැයක් දවාලක් නැතිව හැම වෙලේම කරනවා. මේක නවත්වන්න බැරි වීම ලොකු ප්‍රශ්නයක්. පොඩි මිනිහෙක් ගේ හදාගන්න වැලි ගොඩ දැමීම කරාම නම් අල්ලනවා.

නෙළුව ප්‍රා දේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා

මේ වන විට ප්‍ර දේශයේ ජනතාවට වැලි අවශ්‍ය තා සදහා ලබා ගැනීම සදහා තැන් කිහිපයක් සදහා අවසර දීලා තියනවා. මන්ත්‍රීවරයා කියන ආකාරයේ ප්‍රශ්නයක් නෙළුවේ තියනවා. ඒ සම්බන්ධයෙන් මට කරන්න පුළුවන් ප්‍රමාණයේ දේවල් කරලා තියෙන්නේ.

සම සභාපති දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා.

මහා පරිමානයෙන් වැලි ගොඩ දැමීම සිදුවෙනවා නම් ඒකට දෙතුන් දෙනෙකුට බලපත්‍ර දුන්නා කියලා මේක හරියන්නේ නෑ. ඒකට විසදුමක් තිබිය යුතුයි. වැලි ගොඩ දැමීම මේ කියන ආකාරයෙන් සිදුවෙනවා නම් වහා සොයා බලා කටයුතු කර යුතුයි.

දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා ජවිපෙ

මේ නෙළුවේ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා රෑ එලි නෙකම් වැලි ගොඩ දානවා. නවත්වන්න අය නෑ. නෙළුවේ මිනිස්සුන්ට වැලි ගන්න වෙලා තියෙන්නේ 15000 ගානේ.

සහකාර පොලිස් අධිකාරී (හිනිදුම) විපුල සෙනවිරත්න මහතා,

ප්‍රා දේශීය ලේකම්වරුන් හරහා පර්මිට් නිකුත් වෙනවා. පස්සේ ග්‍රාම නිලධාරීන්ට බලන්න කියනවා. නමුත් අපිට ඉන්න නිලධාරීන් මදි මේ වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඇඹිලිපිටිය , අම්බලන්තොට පැත්තෙන් එන පර්මිට් නිකුත් වෙනවා. නෙළුව හරහා මාර්ගය දාලා. ගාල්ල පොලිස් බල ප්‍ර දේශයේ නෙළුව තියනවා. ඇඹිලිපිටිය, අම්බලන්තොට එන වැලි නෙළුව හරහා දාන්න අවශ්‍ය නෑ. නෙළුවේ ඉදලා ලංකාගමට කිලෝ මීටර් 22 ක් තියනවා. අපි යනකොට සියල්ල වෙලා ඉවරයි.

නෙළුව ප්‍රා දේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා

 මම දෙන බලපත්‍ර වානිජ්‍ය නොවන දේ සදහා පමණයි. රාත්‍රී කාලයේ බෑ. නිවාඩු දිනවල පමණයි. නියමිත මාර්ගය අනුව තමයි දෙන්නේ. අවශ්‍ය නම් මම මේක මාසයකට විතර නවත්වන්නේ නැත්තේ.

සහකාර පොලිස් අධිකාරී (හිනිදුම) විපුල සෙනවිරත්න මහතා

නෙළුව බටුවංගල, බටුවංගල පාසල් මාවතේ, නෙළුව හක්පිටිය, මංඩලපුර යාය ගඟ දෙසට ඇති මාර්ගය යේ මේ වැඩේ වෙනවා. පොලිසිය එනකොට පාරවල් වල කට්ටිය දාලා තියනවා. ඒ අය කෝල් එක දෙනවා. එතකොට වැඩේ නවත්වලා උඩට එනවා. ආයිත් ගොඩ දානවා. අනිත් එක මේ ඇඹිලිපිටිය , අම්බලන්තොට පැත්තෙන් එන වැලි ලොරි වල පර්මිට් වල තියෙන්නේ උදේ 6.00 සිට සවස 6.00 කියලා. නමුත් 6.05 වෙනකොට නෙළුවට එනවා. එහෙම එන්න නම් අහස් යාත්‍රාවකින් නෙළුවට එන්න ඕන. කෙහොම ද එහෙම එන්නේ කිව්වා නම් මේ ප්‍රශ්නයෙන් 3/4 ක් ඉවරයි.

සම සභාපති දකණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා

මේවා මැඩපවත්වන්න නෙවෙයි නේ මේ අය වැඩ කරලා තියෙන්නේ. වහාම මේ සම්බන්ධයෙන් පොලිසිය වාර්තාවක් දෙන්න දිස්ත්‍රික් ලේකම්ට. පිරිසක් මේකට අනියමින් උදව් කරනවා නම් මේක නවත්වන්න බෑනේ. ඒ නිසා මේ සියළු නිළධාරීන් කැදවා සාකච්ඡාවක් පවත්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *