නිවාස අධිකාරියේ 2කගේ වැඩ තහනම්

නිවාස අධිකාරියේ 2කගේ වැඩ තහනම්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක්‌ සඳහා විජිතපුර බැලුම්ගල පුරාවිද්‍යා රක්‍ෂිතයට අයත් භූමිය ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් එළිපෙහෙළි කිරීමේදී පුරාවිද්‍යාත්මක නටුබුන්වලට හානි සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කළමනාකාර දේවිකා විඡේරත්න මහත්මියගේ සහ එම වැඩබිම භාරව සිටි තාක්‍ෂණ නිලධාරි ප්‍රියන්ත සිසිර කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කාර්යාලයේ තවත් නිලධාරීන් දෙදෙනකුගේද වැඩතහනම් කිරීමට නියමිතව ඇතැයි පැවැසේ.

මේ අතර විජිතපුර බැලුම්ගල පුරා විද්‍යා රක්‍ෂිතයට අයත් භූමියේ නිවාස ව්‍යාපෘතියක්‌ ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව පුරා විද්‍යා ස්‌මාරක සහිත අක්‌කර දහයක බිම් කොටසක්‌ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබාදීමේ චෝදනාව මත ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් එම්. එස්‌. සජිද්‍රd භානු මහත්මිය පරීක්‍ෂණ නිමවන තෙක්‌ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය සංචිතයටත් විජිතපුර පුලියන්කුලම ග්‍රාම නිලධාරි එම්. කේ. සී. විඡේසිංහ මහතා පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් මාරුකොට යවා ඇත.

මේ අතර ඉපලෝගම සහකාර ප්‍රාදේශීය ලේකම් අයි. ජී. එස්‌. කේ. බණ්‌ඩාර මහතා වැඩබලන ප්‍රාදේශීය ලේකම් ලෙස පත්කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *