” නිව් යෝර්ක් නුවර යලිත් වෙඩි තැබීමක් “

 

නිව් යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පසුව ව්‍යාජ ගිනි අවි ලෙලවමින් ට්‍රක් රියෙන් පිටතට පැමිණි පුද්ගලයෙකුට වෙඩි තැබු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන පෙළේ හදිසි අවස්ථා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බැවින් අදාළ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

නිව් යෝර්ක් නගරාධිපතිවරයා මෙන්ම ආණ්ඩුකාරවරයාද සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණියහ. ඇමෙරිකානු මාධ්‍ය මෙම සිදුවීම හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රහාරයක් ලෙසිනි.

පාපැදි මංතීරුව වෙත වේගයෙන් ඇදී ආ ට්‍රක් රථයක් පුද්ගලයින් පිරිසක ගැටුණු බව සිද්ධිය ඇසින් දුටු  අයෙකු පවසයි.

වෙඩි පහර නවයක් හෝ දහයක් ඇසුණු බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *