නිවසින් පිට වීම හැදුනුම්පතේ අවසන් අංකය අනුව

නිවසින් පිට වීම හැදුනුම්පතේ අවසන් අංකය අනුව

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා කිසියම් අයකු නිවසින් පිටතට යන්නේ නම්, එසේ යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අංකයට අනුව යෙදෙන දිනයක දී පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කිසියම් අයකුට නිවසින් පිටතට යා යුතු දිනය ඉරට්ටේ අංක සහිත දිනයක් නම්, එදිනට යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක් වන අයට පමණක් බව ද හෙතෙම සදහන් කළේය. එසේම යමෙකුට නිවසින් පිටතට යා යුත්තේ ඔත්තේ දිනදී නම් ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනිවාර්යයෙන්ම ඔත්තේ දිනයක් විය යුතු බවද හෙතෙම පැවසීය.

ඉරට්ටේ අංක වන 2, 4, 6, 8 දිනයන් සහ ඔත්තේ අංක වන 1, 3, 5, 7 සහ 9 යන දිනයන් ද, ජාතික හැදුනුම්පතේ අවසාන අංකය බින්දුව වන අවස්ථාවක් ඉරට්ටේ අංකයක් ලෙස සලකනු ලබන බවද ඔහු පැවසීය.

විශේෂයෙන්ම බඩු භාණ්ඩ මිලදී ගැනීම සදහා මාර්ගයට පැමිණෙන්නේ නම් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *