නිවසක තනිවම දමා සිටි කාන්තාවක් සොයා ගෙන රෝහල් ගත කර පසු මිය යයි

අවිවාහක කාන්තාවකි නිවසේ තනියම ජීවත්ව ඇත.

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

සහෝදරයන් හත් දෙනෙකුගේ දරුවන් රැක බලා ගත් අවිවාහක කාන්තාවක් වයස් ගත වි ලෙඩ වුවායින් පසුව මාස ගණනක් තිස්සේ පාළු නිවසක ලෙඩ වි කෑමක් බිමක් නොමැතිව දමා ගොස් සිටියදි අද 11 පස්වරුවේ මාවනැල්ල පොලිසියේ නිලධාරනියන් පිරිසක් විසින් සොයා ගන්නා ලදි. ඇය සොයා පොලිසිය යන විටත් සිහිසුන්ව සිය කුකුලේ තුවාලයක් කුණු වි සැරව ගලමින් ඉතා අසාද්ය තත්වයේ මෙම කාන්තාව නිවසේ සාලයේ වැටි සිට ඇත. පසුව ප්‍රදේශවාසින්ගේ සහායෙන් මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර අතර ප්‍රතිකාර කරමින් සිටියදි විනාඩි කිහිපයකින් ඇය මිය ගිය බව පොලිසිය කියයි.

මිය යන විට වයස අවුරුදු 60 කි. දාස්වත්ත, බෝමළුව ලිපිනයේ පදිංචි බි.එම්. බණAඩාර මැණිකේ නම් වන ඇය අවිවාහක කාන්තාවක් වු අතර ගොවි තැන් කරමින් ජිවත් වු මවට පියාට සලකමින් ඔවුන් මිය යන තෙක්ම ගෙදර වතු පිටි වල වැඩ කරමින් ජිවිකාව පවත්වාගෙන ගිය කාන්තාවක් බව ප්‍රාදේශවාසින් පවසයි. ඇය එම පවුලේ සහෝදර සහෝදරියන් අතරින් 5 වැනි දරුවා වන අතර පවුලේ ගැහැණු දරුවන් සිව් දෙනෙකු වන අතර බණ්ඩාර මැණිකා විසින් දෙමාපියන් මිය යෑමෙන් පසුව එම නිවසේ තනිවම ජිවිකාව පවත්වාගෙන ගොස් ඇත.

අසල්වාසි නිවාස වලට පැමිණ ඔවුන්ටද උදව් පදව් කරමින් සහෝරයන් 7 දෙනාගේ දරු මුනුපුරන්ලා බලා කියා ගනිමින් අදායමක් සොයා ගැනිමට වට්ටි පැදුරු වියා විකිණු බවද ගම්වාසින් අප සමග පැවසීය. දැනට වසරකට පෙර ඇය කායික වශයෙන් අබාධිත තත්වයකට පත් වි ඇති අතර නිවෙසෙන් බැහැරව විටක හැසිරි ඇති අතර මෙ සම්බන්ධයෙන් කිහිප විටක් ඇයගේ සහෝදරයන් දැනුවත් කර ගම්වාසීන් එලෙස කර ඇත්තේ ඇයගේ රෝගි තත්වය සම්බන්ධයෙන් ඛෙහෙත් ගෙනවිත් දි සුව කර ගැනිම සඳහායි.

සහෝදරය සහෝදරයන් විසින් ඇය තනි කර දමා නිරන්තයෙන් මග හැරිම නිසා කිහිප අවස්ථාවකදි පොලිසියට පවා පැමිණිලි කර අතර අධිකරණයට පවා මෙ ගැටලූව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි සහෝදරයන්ට අවවාද කර තිබුණු නමුත් ඔවුන් විසින් එය නොසලකා යලිත් ඇය එම නිවසේ තනිවම දැමු බව ප්‍රදේශවාසින් කියයි.
ටික කාලයක් මෙලෙස අසරණ වු කාන්තාවට ප්‍රදේශවාසින්ගෙන් ආහාර පාන ලබා දි උපස්ථාන කටයුතු සිදු කර දුන්න මුත් ඇයට දැනට මාස කිහිපයකට ඉහතදි කකුලේ හට ගත් විශාල තුවාලයක් හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර නොකිරිම නිසා එය කුණු වි ගොස් ඇත.

නිවසේ වැටි වුන් මහළු කාන්තාවට ගම්වැසියන්ගෙන්ද කෑම බිම පවා නොලැබුණේ එම නිවසට යෑම පවා ඉතා දුෂ්කරකාරියක් වු හෙයිනි. එතරම් දුගඳ හමන නිවසේ බිම වැටි කෑමක් බිමක් නොමැතිව සිටි කාන්තාව සම්බන්ධයෙන් ප්‍රදේශවාසින්ගේ ඉල්ලිමකට අනුව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා මගින් මාවනැල්ල පොලිසියේ ළමා කාන්තා කටයුතු කාර්යංශයට දැන්විම සිදු වුයේ ඒ අනුව බව ජනතාව කියයි.

ඊට පෙරත් ඇය සම්බන්ධයෙන් ගමේ ජිවත් වු ඇයගේ සහෝදරයන්ටද දැන්නුවත් ඔවුන් එය ගණනකට නොගත් නිසා අද පොලිසියේ නිලධාරින්යනියන් දෙදෙනෙක් ගොස් ඇය ප්‍රදේශවාසින්ගේ සහායෙන් මාවනැල්ල රෝහල වෙත ගෙන එනු ලැබිය.ඇය කුඩා ලොරි රථයකින් රෝහල වෙත ගෙන එන අවස්ථාවේ අපද එම ස්ථානයේ සිටි අතර ඇය ඒ වන විටත් සිටියේ ඉතා අපමසුවෙන් කෑමක් බිමක් නොමැතිව වැහැරි හරි හමන් ඇදුමක්වත් නොමැතිවයි. පසුව රෝහලේ කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වි වෛද්‍යවරුන් ලවා පරික්ෂාවට ලක් කරමින් සිටියදි ඇය විනාඩි 15 කින් පමණ මෙලොවින් සමු ගැනිම සිදු විය.
ඇය රෝහල් ගත කරන විට ඇයගේ පාද පවා කුණු වි තිබුණු නිසා ඒවායෙන් ගලා එන සැරව වැහැරිම වැලක්විම පිණිස ඉටි රෙද්දකින් වසා තිබුණද ඒ අතරින් ඇයගේ කකුලේ කුණු වි ගිය ඇගිලි කිහිපයක් එල්ලි තිඛෙනු දැක ගැනිමට හැකි විය.
මෙම සංවේදි සිදු විම දුටු බොහෝ දෙනෙකුගේ ඇස් වලට කදුළු එක් වුනු අතර ඔවුන් පැවසුයේ බෞද්ධාගමික රටක් ලෙස මෙ රට මෙ වන විට බොහෝ සෙයින් පිරිහි ඇති අතර තිරිසන් මිනිසුන් වැඩි වි ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *