නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබීගෙන්  ප්‍රතිචාර

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී  ප්‍රතිචාර දක්වා තිබේ.

හිටපු ජනාධිපතිවරයා චයිනා හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් මුදල් ලබාගත් බවට කෙරුණු අනාවරණයට අදාළ ප්‍රවෘත්ති මූලාශ්‍ර තමා හෙළි කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  තමා දුරකථය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින්.

එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහයදීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය පවසා තිබේ.

 

srilankamirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *