නිංඡා කල්ලියක් නිසා ගාල්ලම බියට පත්වේ
කොල්ලකෑම සඳහා පැමිණි සිව් දෙනා
ගාල්ල, අල්පිටිය , ඌරගස්මංහන්දිය කිරිමැටියාව ප්රදේශයේ නිවෙසකට (07) දින රාත්රී බලයෙන් කඩාවැදුණු මුහුණු ආවරණය කරගෙන සිටි පිරිසක් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය වන විට නිවෙසේ සිට ඇත්තේ වයස අවුරුදු 52 ක කාන්තාවක් හා දියණියන් දෙදෙනා පමණි.
මීට මසකට පමණ පෙර විදේශගතව සිට පැමිණියේ යැයි කියන මෙම කාන්තාව මුල් කසාදයෙන් වෙන්වී දියණියන් දෙදෙනා සමඟ තනිව ජීවත්වී ඇතැයි ද පොලීසිය පවසයි. කොල්ලකෑම සඳහා පැමිණි සිව් දෙනා අතර ඇයගේ කලින් සැමියා හා ඔහුගේ මිතුරෙකු හඳුනාගත් බව ගෙහිමි කාන්තාව පොලීසියට පවසා ඇත.
සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.