නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඇඳරි නීතිය කඩ කරමින් නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(29) රාත්‍රී ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

ඊයේ රාත්‍රී 08.00 ට පමණ ආරච්චිකට්ටුව, සින්නකරුකුපනේ ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මුර සංචාරයේ නිරතව සිට ඇති අතර එහිදී ඇදිරි නීතිය කඩ කළ අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හට රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට යාමේදී ඔහු කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව ආරච්චිකට්ටුව පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ආරච්චිකට්ටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *