නායකත්ව සටනේ කරු ඉදිරියෙන් !

පාර්ශව කිහිපයක් අතර තියුණු සටනක්

පසුගිය පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පසුබෑමෙන් පසු එම පක්ෂයේ නායකත්වයට එරෙහිව නැවතත් කැරැල්ලක් ඇතිවී තිබෙනවා.මීට පෙරද මෙවැනි කැරලි කිහිපයක් ඇතිවුවද ඒවා සියල්ලක්ම මැඩපැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුනා නමුත් එම අවස්ථා බොහොමයකදීම පක්ෂය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කල ප්‍රභාලයන් කිහිප දෙනෙකු පක්ෂයට අහිමි උනා .
මෙවර වික්‍රමසිංහ මහතාට පාර්ශව දෙකකින් අභියෝග එල්ලවී තිබෙනවා.ඒ පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයක මුහුණ දීම සහ පක්ෂය තුල නායකත්වය රැකගැනීම.යනාදී වශයෙන්.කිසියම් ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමක් සිදු වුවහොත් නායකත්වය අපේක්ෂාවෙන් කිහිප දෙනෙකු අතරම සීතල යුද්ද ඇතිවී ඇති බවට වාර්තා වෙනවා.මෙහිදී බොහෝදෙනාට විශ්වාසය තැබිය හැකි මැදිහත් නායකයෙකු ලෙස කරු ජයසූරිය මහතාගේ නම ඉදිරියෙන්ම ඇතිබවයි වාර්තා වෙන්නේ,අනෙකුත් නම් අතර සජිත් ප්‍රේමදාස ,නවීන් දිසනකය ,රවී කරුණානායක යන මහත්වරුන්ගේ නම් ද ඇතුලත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *