නව ව්‍යවස්‌ථාවට එරෙහිව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ යලිත් කට අරි

නව ව්‍යවස්‌ථාවට එරෙහිව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ යලිත් කට අරි

 

යෝජිත නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වුවද එය ජනමත විචාරණයකට යැමේදී එය පරාජයට පත්කිරීමට මහා සංඝරත්නය මුල්කරගෙන කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.
යෝජිත නව ව්‍යවස්‌ථාව මගින් පළාත් සභ බලතලවලට අනුව පෝය නිවාඩුව පවා එම පලාතේ අවලංගු කරන්න බලය ලැබෙන බව ද කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
යෝජිත නව ව්‍යවස්‌ථා අදාළ යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී පාර්ලිමේන්තුව දුර්වල කෙරෙන වගන්තිද, ජනාධිපතිවරයා විසින් ආණ්‌ඩුකාරවරයා හරහා පළාතක බලතල පාලනය කිරීමට දැනට තිබෙන ප්‍රතිපාදන අහෝසි කෙරෙන නිර්දේශද, ඉඩම් ඇතුළු ඉතා වැදගත් ක්‌ෂේත්‍ර මත පවත්නා ශේ්‍රෂ්ඨාධිකරණයේ බල වපසරිය ව්‍යවස්‌ථා අධිකරණයක්‌ (කෙසේ පිහිටුවනවාද යන්න පැහැදිලි කර නැත) පිහිටුවීම තුළින් අහෝසි කෙරෙන වගන්තිද ඇතුළු රටට අහිතකර කරුණු රැසක්‌ ඇතුළත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *