නව ව්‍යවස්ථාව කියන්නේ රනිල්-සුමන්තිරන්ගේ ගිවිසුමක් පමණයි

නව ව්‍යවස්ථාව කියන්නේ රනිල්-සුමන්තිරන්ගේ ගිවිසුමක් පමණයි

ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවෙිදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර සිකුරාදා දිනවල ඉස්ලාම් දේවස්ථාන තුළ ආගමික කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබද මෙහිදී දැනුවත් කෙරුණි.

අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, නව ව්‍යවස්ථාව තුළින් සිදුවන්නේ ජාතීන් සියල්ල රැවටීමක් පමණක් බවයි.

සියලු ජාතීන් අතර සමගියක් පැවතිය යුතු බවත්, ව්‍යවස්ථාවක් අවශ්‍ය වුවත් කුමක් ද අවශ්‍ය ව්‍යවස්ථාව යන්න අද වන විට ගැටළුවක්ව පවතින බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *