නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද
රජයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01 දා) උදැසන 10.00 ට සිදු කෙරේ.
ඒ සඳහා සහභාගි වන ලෙස අදාළ ඇමැතිවරුන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පෙරේදා (29 වැනිදා) සවස දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන එම දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසුව කැබිනට් මණ්ඩල රැස්වීමද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ” පැවැසීය.
එම කැබිනට් සංශෝධනයේදී සමෘද්ධි අමාත්‍යංශය එජාපයටත්, සංස්කෘතික අමාත්‍යංශය ශ්රීලනිපයටත් ලබා දීමට නියමිත බවද එකී ආරංචි මාර්ග සඳහන් කළේය.
මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇමැති ධුරයෙන් ඉවත් වූ රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට ඉදිරි කැබිනට් සංශෝධනයේදී ඇමැති ධුරයක් ලබා නොදීමේ දැඩි තීරණයක ජනාධිපතිවරයා පසුවන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.
දිවයින