නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි

නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි

නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසයි .

එම ආසාධිතයන් 28 දෙනා ලගින්ම ඇසුරු කළ ආශ්‍රිතයන් 145 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540 දෙනෙකු පී .සී.ආර් . පරික්ෂණය සදහා යොමු කර ඔවුන්ව දනිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා අද (05) පැවසීය .

කර්මාන්ත ශාලාව විෂබීජ හරනය කිරීමට නියමිත බව ද නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් පදිංචි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ව දැනුවත් කල බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා වැඩ්දුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *