ධූර වලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අතරින් මැයි රැළියට ආපු අය මෙන්න

ධූර වලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අතරින් මැයි රැළියට ආපු අය මෙන්න

ජාතික ආණ්ඩුවේ ධූර වලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මැයි දින රැළියට සහභාගී වීම පිළිබඳව පසුගිය දිනවල විවිධ මත පළවූ අතර ඔවුන් අතරින් මැයි දින රැළියේ වේදිකාවට ගොඩවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුමේධා ජී ජයසේන මහත්මිය පමණි.

කෙසේ වෙතත් තිලංග සුමතිපාල ,දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු මැයි දිනය පැවති භූමියට පැමිණ සිටි නමුත් වේදිකාවට ගොඩවූයේ නැත.

මේ අතර මැයි 1 වනදා සැමරීමට නියමිත මැයි දිනය අද දිනයට කල්දැමීමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සංගමය අද නුගේගොඩදී ත්‍රීරෝද රථ පෙළපාළියක් පවත්වනු ලැබීය.

මේ සියල්ල අතරවාරයේ කම්කරු දිනය සැමරුනු අද දිනයේදී වැඩකරන කම්කරු ජනතාව සිය දෛනික රැකියාවල නිරත වනු දක්නට ලැබුණි.
දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *