ධුරයෙන් යන්න මැකො ලෑස්තියි – ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය නැතිනම්

ධුරයෙන් යන්න මැකො ලෑස්තියි – ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය නැතිනම්

දේශපාලන පක්‍ෂවල න්‍යායපත‍්‍ර අනුව කටයුතු කරන්න කොමිසම සූදානම් නෑ

– ඡන්ද නොපැවැත්වීමේ වේදනාවෙන් නිදහස් වෙන්න ඕනෑ

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් තමා තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. 04 වැනි පිටුවට

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස තමා මෙලෙස සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඊයේ (28 දා* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඒ මහතා කීය.

තමා ද මෙරට පුරවැසියකු බවත් මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව තමා ද දැඩි ලෙස කම්පා වන බවත් සඳහන් කළ සභාපතිවරයා ¥ෂිත මැතිවරණයක් හා මැතිවරණයක් කල් තැබීම අතර කිසිදු වෙනසක් නොමැති බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය නොවැම්බර් මස 09 වැනිදාත් දෙසැම්බර් මස 09 වැනිදාත් අතර දිනයක අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු නිසා පළාත් සභා මැතිවරණය ඊට පෙර පැවැත්වීමට ක‍්‍රියා කළ යුතු බව ද ඒ මහතා කීය.

සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී ලබන නොවැම්බර් මාසයට වසර 2 ක් ගතවන බව ද මැතිවරණය පැවැත්වීමට සැබෑ වුවමනාවක් කාටවත් ඇත්දැයි තමාට ප‍්‍රශ්නයක් බව ද හෙතෙම කීය.

තමා පසුගිය කාලය පුරා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ හා දේශපාලන පක්‍ෂ සමඟ විවිධ සාකච්ඡුා, වැඩසටහන් රැුසකට සහභාගි වූ නමුත් කිසිදු ප‍්‍රතිඵලයක් නොමැති බව පෙනී යන බවත් එක් එක් පක්‍ෂවල න්‍යායපත‍්‍රවලට අනුව වැඩ කිරීමට මැතිවරණ කොමිසම සූදානම් නැති බවත් දේශප‍්‍රිය මහතා කීය.

තමා ඉවත්ව ගිය පසු සෙසු සාමාජිකයන් දෙදෙනාගෙන් අයකු සභාපති වී ජනාධිපතිවරණය පවත්වනු ඇතැයි කී දේශප‍්‍රිය මහතා මැතිවරණය නොපැවැත්වීමේ වේදනාව නිසා හෘද සාක්‍ෂියෙන් තමා නිදහස් විය යුතු බව ද නිදහසේ කටයුතු කළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම තබා ඒ පිළිබඳ විවාදයකට හෝ සහභාගි වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂවලට අවශ්‍යතාවක් නැති බව පසුගියදා පෙනී ගිය බව ද මන්ත‍්‍රීවරුන් 20 දෙනකුට පාර්ලිමේන්තුවේ රැුඳී සිටීමට නොහැකිව ඝන පූර්ණය නොමැතිවීමෙන් එම විවාදය කල් ගිය බව ද පැවසීය.

ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලය ප‍්‍රමුඛ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 225 දෙනා එක්ව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ක‍්‍රියා කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *