දේශසීමාවේ සාමයට ඉන්දියාව සහ චීනය හමුවෙයි

දේශසීමාවේ සාමය පවත්වා ගැවීම සඳහා දෙරටේ ආරක්ෂක අංශ අතර සන්නිවේදනය වර්ධනය කරගැනීමට ඉන්දියාව සහ චීනය එකඟතාව පළ කර ඇතැයි ඉන්දියාවේ විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයා එම කරුණු අනාවරණය කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරයෙන් පසුවය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීනයේ නොනිල සංචාරයක නිරත වූ අතර එහිදි චීන ජනාධිපති ෂී ජිනිපින්ග් හමුවිය. එහිදි මෙම එකඟතාව ඇති කරගෙන තිබේ. හිමාලයානු දේශසීමාවේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් ආසියාවේ බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව අතර මතභේද උත්සන්න විය. එසේ තිබියදී මෙලෙස ඉන්දීය අගමැතිවරයා චීනයේ නොනිල සංචාරයක නිරත විය.

ඉන්දීය අගමැතිවරයා මධ්‍යම චීනයේ වුහාන් හි සංචාරය කළේය. ඉන්දීය අගමැතිවරයාගේ මෙම නොනිල චීන සංචාරය දිනකට සීමාවිය. එහිදි නායකයන් දෙදෙනා දෙරටේ සියලු වෙනස්කම් පරිණත බවෙන් සහ බුද්ධියෙන් ද සියලු අර්බුද සාමකාමීව සාකච්ඡා කර විසඳීමට ද නායකයන් දෙදෙනා එකඟතාව පළ කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ලේකම් විජේ ගෝකාලේ මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *