දේශපාලන අර්බුධයෙන් පසු මෙරට නායකයෙකු ජාත්‍යන්තරයේ පිළි ගැනීමට ලක්වේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ පිළි ගැනීමක්

2018 ඔක්තෝම්බර් 26 වෙනිදා මෙරට දේශපාලන වෙනස් කමත් සමග ජාත්‍යන්තර ප්‍රජාව විවිධ මත පල කරන ලදී විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අවස්ථාවන් ගණනකදී නිවේදන නිකුත් කරමින් මෙරට අර්බුධය විවස්ථාවට අනුකූලව විසදා ගන්නා ලෙස දැනුම් දෙන ලදී. මෙම ගැටලුවේදී කථානායක කරු ජයසූරිය මහතා සියලු තර්ජන ගර්ජන හමුවේ මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් රටේ මුලික නීතියට අනුව පාර්ලිමේන්තුව මෙහෙය වීම නිසා විදෙස් ප්‍රජාතාන්ත්‍රික රජයන්ගේ නොමද පැසසුමට පත්වන ලදී.

මේ නිසා රටට සිදුවීමට ගිය අනතුර සාමකාමීව විසදා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් තම කාර්ය භාරය ඉටුකරන ලදී.පවතී දේශපාලන අර්බුධයෙන් පසු මෙරට ප්‍රධානියෙකුට ජාත්‍යන්තරයෙන් ලැබුණු පළමු නිල ආරාධනාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වාරයට හිමිවන ලදී.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවිම සඳහා කථානායකවරයා (01.07) මෝල්ටාව බලා පිටත්විය.
මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතය.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය තුන් වසර තුල පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) හා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ(කෝපා),කමිටු සාමාජිකයින්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ දෙනෙකුට වෙස්ට්මිනිස්ටර් පදනම මඟින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පුහුණු වැඩසටහන් රාශියකට සහභාගී වීමට අවස්ථාව උදාකර දෙනු ලැබිය.ශ්‍රී ලංකා කථානායකවරයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විශේෂ පිළිගැනීමක් හා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *