දුම්රිය වැන්රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබයි

ගාල්ල මීටියාගොඩ දළුවතුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය වැන්රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත. දළුවතුමුල්ල අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා වැන් රථය ගමන් කිරීමට තැත් කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙන බව මීටියාගොඩ පොලිසිය පවසයි.

29 වන දින රාත්‍රියේ දී සිදු වු මෙම අනතරින් මියගොස් ඇත්තේ,නදිකා පේමරත්න 49 දළුවතුමුල්ල  මීටියාගොඩ සහ ඉෂානි මුදුෂානිද සිල්වා37 දළුවතුමුල්ල  තෙල්වත්ත යන ලිපිනයේ සඳහන් කානතාවන් දෙදෙනෙකි.

මෙම අනතුර සිදු ඇත්තේ, හික්කඩුව තෙල්වත්ත දළුවතුමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදීය. තංගල්ල ප‍්‍රදේශයේ පැවැති අවමංගල උත්සවයකට සහභාගීවී යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස දුම්රිය එන්ජිමේ ගැටී ඇති බවයි මීටියාගොඩ පොලීසිය පවසයි. ඔවුන් දළුවතුමුල්ල ප‍්‍රදේශයේම පදිංචිකරුවන්. දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු දෙකෙන් එකක් කැඩී තිබූ බවත්, රියදුරු අපරික්ෂාකාරීව වෑන් රථය දුම්රිය මාර්ගයට ඇතුලු කළ අවස්ථාවේ එහි පිටුපස කොටස දුම්රිය එන්ජිමේ ගැටී ඇති බවත් පොලීසිය සඳහන් කරයි. වෑන් රථ රියදුරා ගේට්ටු මුරකරුගේ සංඥාව නොසලකා හැර ඇති බවයි පරීක්ෂණ වලින් භෙළිව ඇත. මෘත ශරිර දෙක මේවන විට බලපිටිය රෝහලේ තැමිපත් කර ඇත 30වන දින මරණ පරික්ෂනය සිදුකරන්නට නියමිතව ඇත.වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මීටියාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පවත්වයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *