දුම්රිය ධාවනය යථාතත්වයට.

ජනපති සමග සාකච්චාවකින් පසු වර්ජනය අත්හරියි.

අද දිනයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් ධාවනය කරවීමට මේ වනවිටත් සියලු කටයුතු සිදුකොට තිබෙනවා.
වැටුප් වැඩිකිරීම පිලිබඳ ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරන ලද වර්ජනයක් නිසා දුම්රිය ධාවනය සම්පුර්ණයෙන්ම වාගේ අඩපන උනා.මේ නිසා මේ දිනවල් පවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වන සිසු සිසුවියන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත් උනා.පෙර දැනුම් දීමකින් තොරව වර්ජනය කල බව පවසමින් මගීන් කලබල කාරී ලෙස හැසිරුණු අතර දේපල වලටද අලාභහානි සිදුකලා.මෙම වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවුවායි පවසන අලාභය රුපියල් කෝටි 70 කට අධිකයි.
මේ අතර ඊයේ පෙරවරුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිදුකල සාකච්ඡාවකින් පසු වර්ජනය අත්හැරීමට තීරණය කලබව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.තමන්ගේ ඉල්ලීම් ලබාදීමට ජනාධිපති වරයා පොරොන්දු වූ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *