දුම්රිය අනතුරකින් ආරක්ෂක අංශයේ දෙදෙ‍නෙක් මිය යයි. කාන්තාවකට බරපතලයි.

ගාල්ල අම්බලන්ගොඩ ආඳදොළ දුම්රිය හරස් මාර්ගයේ දී මාතර සිට මරදාන දක්වා ගමන් ගත් දුම්රියක කාර් රථයක් ගැටී ඇත.

අද (30)  සවස මෙම අනතර සිදුව ඇත. එම අනතරැන් කාරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ විශේෂ කාර්ය බලකායට අයත් උප පොලිස් පරික්ෂකයන් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.කාර් රථයේ සිටි කාන්තාවක ද තුවාල ලබා බලපිටිය රොහලට ඇතැලත් කර ඇත. අම්බලන්ගොඩ පොලිසිය පොලිස් පරික්ෂන ආරම්භ කර ඇත

මිය ගොස් ඇති දෙදෙනා පොලිස් විශේෂ කාර්යය බලකායේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරුන් දෙනෙනෙකි. තුවාල ලබා ඇති කාන්තාව එක් පුද්ගලයෙකුගේ බිරිදයි.

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 100ක් පමණ ඇදී ගොස් ඇති අතර මෝටර් රියේ ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගැබිණි බිරිඳ බරපතල තුවාල ලබා මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගෝනහේන, විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ඇල්පිටියේ පදිංචි උප පොලිස් පරීක්ෂක චන්දිම සුබසිංහ සහ මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ වැල්ලවායේ පදිංචි උප පොලිස් පරීක්ෂක සංජීව වනසිංහ නමැත්තන් බව පොලිසිය කියයි.
මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ උණ බම්බු ගේට්ටුවක් සවිකර තිබූ අතර එය මීට ඉහතදී තම විරෝධතා සැලකිල්ලට නොගෙන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඔවුන් මංගල උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *