දිවුලපිටිය හල්පෙ විල කුඹුරු යායට සිදු වන්නට ගිය විනාශය වළක්වා ගැනීමට පෙරමුණ ගත් තරුණයා

දිවුලපිටිය බෝලගල හල්පේ විල මීට දශක ගණනාවකට
( වසර තිහකට පමණ පෙර) ඉතා සශ්‍රීක කුඹුරු යායක් විය. නමුත්
ඉවක් බවක් නොමැතිව මැටි කැපීම නිසා මේ කුඹුරුයාය රටට අහිමි විය.
නමුත් කොටසත් තවමත් ඉතුරු වී ඇත.

මීට දශක ගණනාවකට පෙර කපන ලද මැටි වලවල් නිසා
ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවයට ප්‍රබල බලපෑම් ඇති වී ඇත.
සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න ද ඇති විය. ඇතැම් අය මෙම වලවල් වලට
ඇදවැටී විවිධ අනතුරුවලට ලක් විණි. එමෙන්ම ජීවිතක්ෂයට ද පත්විය.

හල්පේ විල ඉඩම් වල හිමිකාරිත්වය ඇත්තේ ඉඩම් කොමිෂන්
සභාවටයි. නමුත් විවිධ පුද්ගලයින් අතට අඳ අයිතිය ගොස් ඇත. මෙවැනි පසුබිමක පරිසරයට වින කරන ව්‍යාපාරිකයින් එම පරිසරය විනාස කිරීමට මාන බලමින් සිටියේය. මෙි
පිළිබඳව තරුණයින් කල්පනා කරන්නට විය. ඒ අසලම
ප්‍රදේශවාසියෙක් වූ ඉන්දික අනුරුද්ධ තරුණයාට ද මේ වටාපිටාව
පිළිබඳව හොඳ වැටහීමක් විය. ඔහුද මේ තරුණයින් සමග සිට
ගත්තේය.එය තරුණයින්ට ශක්තියක් විය

මෙම ඉතිරි කොටස අක්කර හතක් පමණ විය. එයද මැටි කපා
විනාශ කිරීමට එක්තරා ව්‍යාපාරිකයෙක් ඉව අල්ලමින් සිටියේය. මෙහි
කොටසක් විනාශ වීමට ඉඩ තබා, ගොළුවන් බිහිරන් සේ කටයුතු කිරිම
පිළිබඳව තරුණයින් වැඩිහිටියන්ටද දොස් පවරනු අසන්නට ලැබුණි.
ව්‍යාපාරිකයින්ගේ තර්ජන හමුවේ ඔවුන්ට පෙනී සිටිය නොහැකි වන්නට
ඇත. ඔවුන්ට එකල ඒ සඳහා එම හඬ නැගීමට ශක්තියක් නොවූයේ
මගපෙන්වීමට කිසිවෙක් නොසිටීම විය හැක.

නමුත් වර්තමානයේ තරුණයින්ට එම ප්‍රදේශයේම ජාතික තලයේ
හඬක් නැගිය හැකි තරුණයෙකු වු ඉන්දික අනුරුද්ධ මහතා සිටීම
වාසනාවක් විය. ඉන්දික අනුරුද්ධ ද ප්‍රදේශයේ සිදුවන්නට යන පරිසර
විනාශය වැළැක්වීමට තරුණයින් සමග ඉදිරියෙන්ම සිටියේය.

අවසානයේ දී මෙම හල්පෙ විල අක්කර 07 ක කුඹුරුප්‍රමාණය වගා
කිරීමට තීරණය විය. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ද සිය පෞද්ගලික මුදලින්
ඉන්දික අනුරුද්ධ මහතා සපයා දුන්නේය. පොළොවේ පය ගසන
දේශපාලනඥයෙකු ලෙස,මෙහි වී වගා කටයුතු සඳහා ඔහු ද එක් විය.

මෙම කුඹුරු යාය වගා කිරීමට පෙර අදහස් දැක්වූ ඔහු මෙසේ සඳහන්
කළේය.

“බෝලගල ගමේ වයලට් නැන්දලා මාග්‍රට් නැන්දලා තමයි
මට බත් කැව්වේ. කුඩා කාලයේ මාව බලාගත්තේ. කුඩා කාලෙ අපට
උදව් පදව් කළේ. අපි ඒගොල්ලන්ගෙ ගෙවල් වලට ගියා, ඒ ගොල්ලෝ
අපේ ගෙවල් වලට ආවා. ඒ ආකාරයෙන් තමයි ඥාති සම්බන්ධයෙන්
පැවැත්වූයේ. මේ වෙල්යායේ බෝක්කුව අසලින් බැලුවහම අනෙක්
පැත්ත පෙනුනෙ නැහැ. මේ මැද්දේ හැමදාම ඝන කැලෑව.මම මේ කුඹුරු
යායේ වලක වැටිලා මැරෙන්නත් ගියා. ගමේ කට්ටිය බේරාගත්තා .
විශාල
වලක්, මැටි කපලා අඩි 50 ක් 100 ක් ගැඹුරුයි. විශාල විදිහට මැටි කැපීම
නිසා මේ යායම විනාශ වුණා. ඉතින් මේ තරුණයින්ට උවමනාව තිබුණා
කුඹුරු යාය වගා කරන්න.

රජය කෘෂිකර්මාන්තයට උදව් කිරීමට කෝටි ගණන් වියදම් කරලා
පොහොර ලංකාවට ගෙනත් ගොවීන්ට නිකන් දෙනවා. ඒක වෙන රට වල
වෙන්නේ නැහැ. උළු හා ගඩොල් කර්මාන්තයට ලංකාවේ හල්පෙ විල
ප්‍රදේශය සිතියම් ගත කරලා තිබෙනවා.

මේ ඛනිජය ගඩොල් හා උළු වලට උචිත ඛනිජයක්. කෝටි ගණනක්
වටිනවා .සමහරු කපාගෙන කපාගෙන යනකොට අමතක වන තරම
කියන්නේ, තමන් හිල් පොල් කට්ටෙන් නාපු ළිදත් කපල. තමන් උයන්
කාපු කුස්සියක් කපල. තමන් ජීවත් වූ නිවස කඩා මැටි කපා මුදල්
උපයනවා.

ඉතින් එහෙම යුගයක මේ ප්‍රදේශයේ තරුණයින්
එකතුවෙලා කටයුතු කිරීම සතුටුදායක කරුණක්. පස් හා මැටි කපන
ව්‍යාපාරිකයින්ට මේක පෙනෙන්නේ කුඹුරු යායක් ලෙස නොව, කෝටි
ගණනක නිධානයක් ලෙස. හැබැයි මේක විනාශ වුවහොත් දරුවන්ට
පෙන්නන්න කුඹුරුත් නැහැ. ඒ නිසා තරුණයින් උනන්දු වෙලා අද
ඇවිල්ලා තිබෙනවා. රජය කරන වැඩපිළිවෙළටත් එහා ගිය
වැඩපිළිවෙළක් තමයි මේ තරුණයින් මේ භුමිය කෙතක් බවට පත්
කිරීම.

ඉඩම් කොමිෂන් සභාවට තමයි මේ ප්‍රදේශයේ විශාලතම
භූමිය අයිතිවන්නේ. සෞභාග්‍යය ප්‍රතිපත්තියට අනුව ජනාධිපතිතුමා
නිලධාරීන් මුණගැසී ප්‍රකාශ කළේ ජාතියට, ප්‍රදේශයට, ගැලපෙන
ලෙස කටයුතු කරන්න කියලා. සමහර නිලධාරීන් ඒවා මඟ හරිනවා,
ප්‍රමාද කරනවා, ‍අතපසු කරනවා. ඒ නිසා අප ස්තුතිවන්ත වෙනවා
ඉඩම් කොමිෂන් සභාවේ නිලධාරීතුමා මෙතෙනට ඇවිත් පැමිණ සිටීම
පිලිබදව. ජනාධිපතිතුමා කීවේ, වැඩ කරන්න බැරි නිලධාරීන් ඉවත්
වන්න, වැඩ කරන්න පුළුවන් අයව දාගමු කියලා. දැන් රට සශ්‍රීක
කරන්න අවශ්‍යයි. ආසියාවේ විශාලතම කිරි කර්මාන්ත ශාලාව
බඩල්ගමට ඇවිත් තිබෙනවා. ඒ මිල්කෝ සමාගම. මිල්කෝ සමාගම ට
ගම්පහ දිස්ත්‍රික්කය, බස්නාහිර වයඹ පළාත් වල‍ට කිරි සැපයිම
පමණක් නොව, කිරි කර්මාන්තය වැඩි කරගන්න පුළුවන්, යළි පිටරටින්
කිරි ගේන්න අවශ්‍ය නොවන විදියට. බදුර්දීන්ට වගේ පිටරටින් හාල්
ගේන්න අවශ්‍ය නැහැ. ඒක තමයි අපි කළ යුත්තේ.

එළවළු පලතුරු වලට බිලියන 50 -100 වෙන් කරන රටක්
මේක. ලංකාවේ විවිධ පළාත්වල මේවා වගා කළ හැකි. ඒවා දැන් වගා
කළ යුතුයි. ඒ සදහා තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයෙ දැක්ම ට
අනුව මේ වගා සංග්‍රාමය පටන් අරගෙන තිබෙන්නේ. මේක ගමේ
තරුණයින් කල විශාල කාර්යභාරයක්, මා කලේ පොඩි දෙයයි.

දිවුලපිටිය කොට්ටාශයේ හෙක්ටයාර 500- 1000 ත් අතර ප්‍රමාණයක්
වසරකට පුරන් වෙලා. දැන් එම වෙල් යායවල් අස්වද්දමින් පවතිනවා.
වර්තමානයේදී කාබනික පොහොර භාවිතා කර වස විසෙන් තෝරවයි
වගා කරන්නේ. කෘෂි පර්යේෂණ නිලධාරීන් හරහා කාබනික පොහොර
ලබා ගන්න පුළුවන්.

මෙම පරිසර විනාශය සිදුවන ස්ථානය රැකගැනීමට කටයුතු කිරීම
පිළිබඳව මේ තරුණයින්ට ස්තුතිවන්ත විය යුතුයි. මා දේශපාලනයේ හා
ජීවතුන් අතර සිටින තුරු මෙම ස්ථානය බැකෝ දාලා කපලා විනාශ
කරන්න දෙන්නේ නැහැ, කියලා පොරොන්දුවක් මා මේ අවස්ථාවේදී
ලබාදෙනවා. එය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.

පස් හා මැටි කැපීම නිසා දැන් වලවල් බවට පත්වී ඇති ස්ථානවලත්, ඒ
අවටත් කිරි ගවයින්ට අවශ්‍ය තෘණ වගා කරන්න යොදාගන්න පුළුවන්.
දැන් වගා භූමි නැති නිසා තෘණ ලබාගන්න සිදුවී ඇත්තේ අනුරාධපුර
පොළොන්නරු ප්‍රදේශවලින්. මා අවට සහ මෙම වලවල් නිසා ඇතිවූ
ජලාශ අවට තෘණ වගා කළ හැකියි.

මේ පිළිබඳව තරුණියන් සේම වැටි වැඩිහිටියන් ද කතා කළේ ඉතාමත්ම සතුටුදායක ලෙසයි

මේ ඒ පිළිබඳව සැකසූ වීඩියෝ වැඩසටහනයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *