දිවුලපිටිය වෙඩි තැබීම පිටුපස නිධානයක්

 නිධානය පැහැර ගන්නද බෙදාගන්නද

අද දහවල් දිවුලපිටිය බල්ලපාන අස්වැන්න වත්ත ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය සහ පාතාල කණ්ඩායම අතර වෙඩි හුවමාරුවට හේතුව නිධානයක් බවට තොරතුරු හෙළිවෙමින් ඇත. සිද්ධිය සම්බන්දයෙන් එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු තවත් සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී . පසුව පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කිරීමේදී ජීව උණ්ඩ 100 ක් පසුව සොයාගෙන ඇත. සිද්ධියට සැකපිට මන්ත්‍රී වරයාගේ බිරිද ද අත්අඩංගුවට ගන්නා ලදී.අදාල පළාත් සභා මන්ත්‍රී වරයා රජයේ ප්‍රබල කැබිනට් ඇමති වරයෙකුගේ ඥාතියෙකු බවට තොරතුරු ලැබී ඇත

නිධානය බෙදා ගැනීමේ කටයුත්ත අද දවසේ සිදුකිරීමට නියමිතව සිටින ලදී. අනපේක්ෂිත ලෙස පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිස නිධානය රැගෙන යාමට පැමිණි පිරිසක් යයි සිතා එදෙසට සැකකරුවන් මුලින් වෙඩි තබා ඇත. වහා ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල කණ්ඩායමට පෙරලා වෙඩි තබා ඇත.ඒසමග එහි සිටි පිරිස පැනයාමට උත්සාහ කරන ලදී .මෙහිදී එක් පුද්ගලයෙකු වෙඩි වැදුණි  ඔහු වෙඩි කා පලාගොස් දිවුලපිටිය රෝහලට ඇතුළත් වන ලදී පසුව අදාල සැකකරුද පොලිස් භාරයට ගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා ගම්පහ මහ රෝහලට ඇතුලත් කරන ලදී. ඔහුද මිනුවන්ගොඩ අළුතපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිද්ධිය වූ ප්‍රදේශයේ දේවාලයේ කපුමහතා ද සිටීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කණ්ඩායම් වල අවධානය යොමුකර ඇත. නිධානයක තොරතුරු හෙළිවන්නේ මේ කරනා මත බවට ලංකා ABC නිවුස් වෙත වාර්තා වී ඇත . දින දෙකකට පෙර අදාල දේවාල භූමියට අලි දෙදෙනෙකුද රැගෙන අවේ කුමකටද ?? යන්න ප්‍රශ්නයක් වී ඇත මේසියලු කරනා තුලින් පැහැදිලි වන්නේ අදාල පිරිස නිධානයක් බෙදාගැනීම සදහා එකතු වී ඇති බවයි. මීට පෙරද මියගිය පුද්ගලයා නිධන් හැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.වාර්තා වන පරිදි ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනය සදහා පැමිණි පාතාල සාමාජිකයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත තවත් ප්‍රබලම පාතාල සාමාජිකයින් දෙදෙනෙකු සිද්ධිය වන අවස්ථාවේ පලා යනලදී. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් පරීක්ෂණයක් ආරම්බ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *