දිවුලපිටිය ප්‍රාදේශිය සභාව කූට වෙළෙන්දකු ලෙස ජනතාවට වැඩි මිලට පරිප්පු කවයි–පාරිභෝගික අධිකාරියට කොටුවෙයි

දිවුලපිටිය ප්‍රාදේශිය සභාව ප්‍රදේශයේ ජනතාවට වැඩි මිලට පරිප්පු කවයි–පාරිභෝගික අධිකාරියට කොටුවෙයි

කොවිඩි අවදානම නිසා පසුගිය දින කිහිපය තුළ දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති නන්ද කුමාර සකලසූරිය මහතා ගේ මූලිකත්වයෙන් සභාවේ ලොරි රථ හා කාර්ය මණ්ඩලය යොදා සභා බල ප්‍රදේශයේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතුවල නිරතව තිබෙනවා. පරිප්පු සහ සැමන් වැඩි මිලට අලෙවි කරනු ලබන බවට ප්‍රදේශවාසීන් පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබුනු අතර අද දහවල් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් පිරිසක් ප්‍රාදේශීය සභාවට අයත් ලොරි රථයක එම ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් යන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කළා

එහිදී දිවුලපිටිය ප්‍රාදේශීය සභාව මගින් පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කර ඇත්තේ රුපියල් එකසිය පනහක් වැනි මුදලකට බව දැක ගන්නට ලැබුනා..නමුත් අලෙවිකල හැක්කේ කිලෝ ග්‍රෑම් එකක රජයේ පාලන මිල වන රුපියල් 65ක මුදලකටය. එමෙන්ම ග්‍රෑම් 225 ක සැමන් අලෙවි කර ඇත්තේ රුපියල් 140 මුදලකටය. රජයේ පාලන මිල වනුයේ ග්‍රෑම් 450ක් රුපියල් 100 කි

මෙහිදි පාරිභෝගික අධිකාරිය වැඩි මිලට ආහාර අලෙවි කිරීම නවතා දමා පාලන මිලට විකුණ ලෙසට දැනුම් දුන් අතර වැඩි මිලට පරිප්පු සැමන් විකිණීම සම්බන්ධව දිවුලපිටිය ප්‍රදේශිය සභාවට නඩු පැවරීමට කටයුතු කළේය. පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික්ක ඒකකයේ ප්‍රධානී ප්‍රදිප් කලුතරආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළේය.

මෙවැනි අවදානම් අවස්ථාවක ප්‍රදේශීය සභාව යුතුකම වන්නේ එම ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමයි. නමුත් මෙම අවස්ථාව දඩමීමා කරගෙන ලාභ ලබාගැනීමේ අරමුණින් මෙවැනි වෙළඳාම් කරන කූට වෙළඳුන් ලෙසින් ප්‍රදේශීය සභාව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි වනු ඇත.අදාල බලධාරින්ගෙ අවධානය යොමුවනු ඇතැයි අපි අපේෂා කරමු.. මෙම ක්‍රියාව පිළිබඳ ව දිවුලපිටිය ප්‍රදේශය සභා බල ප්‍රදේශයේ ජනතාව ඉමහත් කනස්සල්ල ප්‍රකාශ කරන අතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස වගකිවයුතු පුද්ගලයෙක් මෙවැනි කාර්යයකට මැදිහත්වීම පිළිබඳව දැඩි ලෙස විරෝධය පල කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *