දැරියගේ අතුරුදන්වීමට ලිඳුල නගරාධිපති හා නාගරික මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට

දැරියගේ අතුරුදන්වීමට ලිඳුල නගරාධිපති හා නාගරික මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට

තලවාකැලේ ලිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු සිව්දෙනෙකු නුවරඑළිය මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර තලවකැලේ ලිඳුල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක යන අයද වෙති.

ආගරපතන, ග්ලේන්ලේන් වත්තේ පදිංචිව සිටි ගෞරි සසිකලා හා ඇයගේ පස් හැවිරිදි දියණිය වු ජෙගදීස්වරන් යදුර්ශනා නැමති දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් පරික්ෂණ වලදි අදාළ දැරිය සැකකරුවන්ගේ අනු දැනුම මත පිටස්තර යුවලකට හදා වඩා ගැනීමට ලබාදී ඇති බව හෙළිදරව් විය.

සැකකරුවන් සිව්දෙනා අද (4) නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *