දැනට පවතින මුහුදේ රළු ස්වභාවය 24 වෙනිදා දක්වා දිග්ගැස්සේ.

මුහුදු ගමන් වලදී සැලකිලිමත් වන්න.


ඊයේ පස්වරුවේ සිට ශ්‍රී ලංකාව අවට මුහුදී රළු ස්වභාවයක් දක්නට ලැබුණා.මේ හේතුව නිසා ඇතැම් ප්‍රදේශවල මුහුදු ජලය පැමිණීම නිසා ආසන්න මාර්ග වල වාහන ධාවනයටද යම් යම් බාදාවල් ඇතිවුණා.මේ තත්වය 24 වෙනිදා දක්වා පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරිපැය 24 සඳහා අද උදැසන 5.30 ට නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය සම්පුර්ණයෙන්ම පහතින් දැක්වේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

2018 අප්‍රේල් මස 2වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

අප්‍රේල් මස 24 වන දින දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී. 2.5-3.0 ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *