දරුවා පාතලයට යොමු කිරීමේ වගකීම දෙමාපියන් භාරගත යුතුයි

තමා ගැන ආත්ම විශ්වාසයක් නොමැතිවීම

මිනිසාගේ උදෑසන ලෙස සලකණු ලබන්නේ ළමා අවධියයි. ළමා අවධිය මැනවින් සංවර්ධනය සහ පෞරුෂත්වය ගොඩ නැංවීමේ වගකීම පවතින්නේ එම දරුවන්ගේ දෙමාපියන්ටය. මේ නිසා සාර්ථක දෙමාපිය යුවළක් ලෙස කටයුතු කිරීම දරුවාගේ අනාගතයට අතහිත දීමකි.

කුඩා දරුවන්ගේ හැඟීම්, වර්ධනය, හැසිරීම් සහ පෞරුෂත්වය යන සියල්ල ජාන පදනම සහ පාරිසරික සාධක මත රඳා පවතින්නෙකි. අත්දැකීම් ලබාගැනීම, විවිධ උත්තේජනයට ප්‍රතිචාර දැක්වීම තමා සහ ලෝකයා කෙරෙහි ප්‍රතිචාර දැක්වීම පාරිසරික සාධක මත රඳා පවතියි.

කුඩා දරුවන්ගේ මානසික වර්ධනයේදී වැදගත්ම සාධකයක් වන්නේ පෞද්ගලික සබඳතාවයන්ය. මෙහිදී දරුවා ජීවත්වන පරිසරයෙන් ඒ සඳහා කදිම පිටිවහලක් ලැඛෙයි. පවුල අභ්‍යයන්තරය තුළදී දරුවා ආරක්ෂා විය යුතුය. ඔහුගේ පෝෂණය රැකවරණය සැළසිය යුතුය. අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් මේ වන විට ලොව පුරා ඉහළ යන මව පමණක් දරුවා සමග ජීවත්වීම :ීසබටකැ ඡ්රුබඑි- , දික්කසාදය ප්‍රමාණය දරුවන්ගේ මානසික වර්ධනයට සෘජුව බලපායි.

දෙමාපියන් විසින් දරුවන් සහ පවුල වෙත ඉටුකළ යුතු යුතුකම සහ වගකීම් රැසක් හඳුනාගෙන ඇත. ඒවා සැකෙවින් මෙසේ දැක්විය හැකිය.

(1) දරුවනට දෙමාපියන් අවශ්‍ය සෑම විටම දෙමාපියන් ඔවුන් සමීපයේ සිටිය යුතුය.
(2) දරුවනට වන අනතුරු වලින් දරුවන් ආරක්ෂා කරගත යුතුය.
(3) දරුවනට ආදරය දැක්විය යුතුය. සහයෝගය, සුව පහසුව, ආහාර සහ සෙවන සැළසිය යුතුය.
(4) දරුවන්ගේ පාලන බලය ලබාගත යුතුය.
(5) දරුවන්ගේ බොළඳ ක්‍රියා හමුවේ කෝප නොගත යුතුය. ඔවුනට ගරුකළ යුතුය.
(6) දරුවන් ඉදිරියේදී වැඩිහිටියන්ගේ ලිංගික කරුණු, දේශපාලන, ව්‍යාපාරික, පවුල් ගැටළු ආදිය සාකච්ඡා නොවිය යුතුය.
(7) නිවස තුළ දරුවනට බලපාන සාමාන්‍ය සාධාරණ නීති ක්‍රියාත්මක විය යුතුය.
(8) දෙමාපියන්ටද ඔවුනට ස්වාධීන වූ ජීවිතයක් පැවතිය යුතුය. දරුවන් මත ජීවත් විය යුතු නැත.
(9) දෙමාපියන්ටද පෞරුෂ වර්ධනයක් පැවතිය යුතුය.

මෙම කරුණු දෙමාපියන් වශයෙන් ඔඛෙන් ඉටු වන්නේ නම් ඔබේ දරුවා සාර්ථක මිනිසකු වීමට වැඩි අවස්ථාවක් පවතියි.

දරුවකු තමාගේ ජීවිතයට පළමු සබඳතා ආරම්භ කරනුයේ තම මව සමගය. උපත ලබා විනාඩි කිහිපයක් ගතවූ තැන පළමු තත්පරයේ පටන්ම දරුවා සහ මව අතර සබඳතාව ආරම්භ වෙයි. මෙම සබඳතාව ඉන් අනතුරුව පළමු මාස 06 ක කාල සීමාව පුරා වැඩී වර්ධනය වෙයි. මවගේ පෙනී සිටීම දරුවාට වැදගත් වන අතර, මව නොපෙනී සිටීම දරුවාට නොසතුටට හෝ කණගාටුවට හේතුවක් වෙයි. සමාජ සබඳතාවයද මවගේ සංවේදීතාවයද මෙම සබඳතා වැඩී වර්ධනයට හේතුවෙයි. මෙය ලෙයින් ලෙයට යන සබඳතාවයක් නොවෙයි. දරුවාගේ මව නොවුවත්, උපත ලද අවස්ථාවේ පටන්ම දරුවා හÞවඩා ගන්නා මව කෙරෙහි විශේෂ බැඳීමක් දරුවාට ඇතිවෙයි.

අළුත බිහිව හැදී වැඩෙන දරුවන් එකිනෙකාගෙන් වෙනස් වෙයි. ඇතැම් දරුවන් අහිංසක නිවී සැනසුන ගතිගුණ පෙන්වන අතර, තවත් සමහර දරුවන් වහා කිපෙනසුළු චරියා පෙන්වයි. නිතර අඩදබර කරගනිති. නිරන්තරව සෘණාත්මක ආකල්ප සහිතව ජීවත් වෙති. සිනහව වෙනුවට කෙඳිරිගෑම සිදු කරති.

මෙවැනි කේන්තිකාර දරුවන්ට නින්දයාම පවා නිසි අන්දමට සිදු නොවෙයි. නිතර බඩගින්නේ කෑගසති. වැසිකිලි යාමද නිසි අන්දමට සිදු නොවෙයි. අළුත් සෙල්ලම් බඩු ලබාදුන් විට ඒවා ඉවතට වීසිකරයි. අළුත් පරිසරයකට යොමු කළ විට එයට හුරුවීමට සති ගණනාවක් හෝ මාස ගණනාවක් ගතවෙයි.

මෙවැනි චර්යා පවතින දරුවන් අනාගතයේදී අයහපත් සමාජ චර්යාමය පරිසරයන්ට ගොදුරුවන බව මතකයේ තබාගත යුතුයි. මෙවැනි දරුවන් සමග ආදරණීය සබඳතා ගොඩනඟා ගැනීමද දෙමාපියනට දුෂ්කරය. මේ සඳහා ඔවුන්ගේ දෙමාපියන්ද මානසිකව පුරුදුවිය යුතුව ඇත. දෙමාපියන්ද දරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට සමගාමී ලෙස ප්‍රචණ්ඩ ලෙස තරහගෙන කටයුතු කළහොත් මෙම ගැටළු විසඳා ගත නොහැකිය.

වයසින් වැඩෙන දරුවන් තුළ ආත්ම විශ්වාසයක් පැවතිය යුතුය. :ීැකෙ-ැිඑැැප- තමාගේ කටයුතු කෙරෙහි අනුන්ගේ අගය කිරීම ඉතා වැදගත්ය. මෙය තමා ගැන වටිනාකමක් ඇතිකර ගැනීමට ඉවහල් වෙයි. මේ අන්දමට ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නොහැකි දරුවන් සමාජයට මුහුණ දීමේදී ලැජ්ජාව සහ බය ඇතිකර ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ චර්යාමය රෝග වලට ළමයි ගොදුරු වෙති.

පැරදීමට නොහැකි ිසාම නව අත්හදා බැලීම් වලට යොමු නොවෙති. අළුතින් යමක් සිදු කිරීමට නොපෙළඹෙති. මෙහි අවසන් ප්‍රතිඵලය ලෝකයට අළුතින් යමක් එකතු කිරීමට දරුවා අසමත් වීමයි. නව හැකියාවන්ද වර්ධනය කර නොගනියි. මානසික ආතතිය සහ නොසන්සුන් බව ආශ්‍රිත රෝග වලට ගොදුරු වෙති.

තමා ගැන ආත්ම විශ්වාසයක් නොමැතිවීම අවසානයේදී පෞරුෂ ගැටළු නිර්මාණය කරයි. මේ නිසා තමා ගැන අවධානය යොමු කිරීමට විවිධ අසාමාන්‍ය ක්‍රියා වලට යොමු වෙති. නිදසුනක් වශයෙන් ඇතැම් දරුවන් පාරේ වැටී තිඛෙන අශ+චි ආදිය අතපතගාමින් තමා වටා සිටින අයගේ අවධානය තමා වෙතට දිනා ගැනීමට උත්සාහ දරති. මේ තත්ත්වය ඇතිවීම කෙරෙහි දෙමව්පියන්ද වැඩි වශයෙන් වගකිව යුතුය. දෙමාපිය ගැටළු, සමාජ ආචාර, දෙමාපියන් ආත්ම විශ්වාසයෙන් අඩුවීම, සමාජ ගැටළු ආදිය දරුවන්ට සෘජුවම මානසිකව බලපායි.

වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් සිතනුයේ වැඩිහිටියනට වඩා වෙනස් ආකාරයටය. ලෝකයේ මධ්‍ය තමා යයි කුඩා ළමයි සිතති. ලොව පවතින සෑම දෙයකටම අරමුණක් ඇතැයි ඔහු සිතයි. අචල අජීවී මේසය පුටුව ආදියට ජීවයක් ඇතැයි උපකල්පනය කරයි. — මේ මේසෙ මාව රිද්දුවා. එයාට ගහන්න ˜ යි පවසන්නේ ඒ නිසාය. පුද්ගලයින් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර වන අතර සියළු පිරිමි තම පියා ලෙස දකියි.

කුඩා දරුවන් සමහර පුදුම සහගත දේ උපකල්පනය කරති. තමා දෑස පියා ගත්තොත් තමා අසල සිටින පුද්ගලයින් තමාගෙන් ඉවතට යතියි සිතති. කාලය ගැන හැඟීමකින් තොරව සෑම දෙයක්ම පිලිවෙලකට, රටාවකට සිදු කිරීමට ඔවුහු උනන්දු වෙති. තමාගේ සමාජ සබඳතා වර්ධනය කර ගැනීමට සෙල්ලම් බඩු උපකාරී කර ගනියි.

කුඩා ළමුන්ද විවිධ මානසික පීඩාවනට ගොදුරුවන අතර, එවැනි තත්ත්ව දරාගැනීමට ඔවුන් විවිධ ආකාරයෙන් හැඩගැසෙති. කුඩා ළමුන්ගේ අසාමාන්‍ය චර්යාවනට හේතුව ඔවුන් වැරදි ආකාරයට පරිසරයේ පවතින සිදුවීම් ආදර්ශයට ගැනීමයි. :ක‍දචසබට- කුඩා ළමුනට තරහ ගියවිට ඔවුන් තමන්ට වඩා වයසින් අඩු දරුවන්ගේ ක්‍රියාකාරිත්ව වලට පෙළඹෙති. නමුත් කාලය ගත වීම සමඟ සමාජයෙන් පැන නගින ගැටළු වලට මුහුණ දීමට වඩා පරිණත ආකාරයට සූÞනම් වීමක් දැකිය හැකිය.

බුද්ධිමත් භාවයෙන් අඩු දරුවන් සමාජීය වෙනස්කම් වලට හුරුවන්නේද මන්දගාමී අන්දමිනි. මේ නිසා ඔවුන් ඉතා පහසුවෙන් විවිධ අතවර සහ අනතුරුවලට ලක්වෙති. අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්වති. දිගු ලෙස පවතින කායික රෝග ඉන් අනතුරුව මානසික රෝග බවට පරිවර්තනය වෙයි.

කුඩා ළමුන්ගේ මානසික වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපානුයේ පවුලේ සාමාජිකයින්ගේ හැසිරීම් රටාවන්ය. මෙයින් වැඩිම කාර්යභාරයක් හිමිවන්නේ දෙමාපියන්ටය. විශේෂයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධව ප්‍රබල අවධානය යොමු විය යුතුය.

(1) පවුලේ සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්
(2) දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය
(3) දික්කසාදය සහ දෙමාපියන් වෙන්වීම.
(4) දෙමාපියන් විසින් දරුවන් අනවශ්‍ය පරිදි රැකබලා ගැනීම.
(5) දෙමාපියන්ගේ අධිකාරී බලය අවම වීම.
(6) කායිකව හා ලිංගික වශයෙන් දූෂණයට ලක්වීම.
(7) අනවශ්‍ය පරිදි විවිධ විවේචනයන්ට ලක්වීම.
(8) නිවස තුළදී විවිධ ගැටුම්, පහරදීම්, ආදියට ලක්වීමත්, විවිධ ද~ුවම් වලට ලක්වීමත්.
(9) විවිධ විනය ක්‍රියාමාර්ග වාරණ වලට ලක්වීම.
(10) ඇතැම් දෙමාපියන් තමන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකරගැනීමට කුඩා ළමුන් සම්බන්ධ කර ගනිති.
(11) සමහර දෙමාපියන් දරුවාගේ අධ්‍යාපන මට්ටමට වඩා වැඩි යමක් දරුවාගෙන් බලාපොරොත්තු වෙති. දරුවාගේ පරිණත මට්ටමට වඩා වැඩි යමක් අපේක්ෂා කරති.

මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස කුඩා ළමුන්ට අහිතකර පරිසරයක් නිර්මාණය වෙයි. කෙසේ වුවත් මේ සෑම අවස්ථාවේදීම වරද දෙමාපියන් වෙතට පැමිණීම කළ නොහැකිය. ඇතැම් කුඩා දරුවන්ගේ ක්‍රියාකාරිත්වයන්ද මේ කෙරෙහි සෘජුව සහ වක්‍රාකාරව බලපාන බව සිහියේ තබා ගත යුතුය.

කුඩා දරුවන්ගේ මානසික වර්ධනය කෙරෙහි අනෙක් දරුවන් සමඟ ක්‍රියාශීලීව හැසිරීමද බලපායි. සමහර දරුවන් සම වයසේ අනෙක් දරුවන් විසින් —ගොනාට ඇන්දවීම˜ :ඉහකකහසබට- සිදු කරයි. මේ වෙනුවට කුඩා දරුවන් අතර අනෝන්‍ය අවබෝධය ඇතිව ක්‍රියා කිරීමට අවස්ථාව සළසා දිය යුතුය.

කුඩා දරුවන්ගේ මානසික ක්‍රියාකාරිත්වයන් කෙරෙහි සෘජුව බලපාන තවත් කරුණු වන්නේ දෙමාපියන් අතර වන විවාහ දෙදරායාම හෙවත් දික්කසාදයන්ය. මෙම දික්කසාද වීම දරුවන්ගේ වයස මට්ටම අනුව ඔවුනට බලපාන බව හේතුවී ඇත.

පෙර පාසල් යන වයසේ දරුවන් සේ ක්‍රියාශීලී ජීවිතයට මෙය තදින්ම බලපාන අතර, ඔවුන්ගේ විනෝදකාමී ජීවිතය වියවුල් වෙති. නින්ද නොයෑම සිදුවෙයි. නිරන්තරව කඳුළු පිරි නොසන්සුන්ව ජීවිතය ගත කරයි. තවදුරටත් වයස ගත වෙත්ම දෙමාපියන්ගේ වෙන්වයාම තේරුම් ගන්නා අතර එයට වගකිව යුතු පාර්ශ්වයට බැණ වදිති. අසහනකාරී ජීවිතයක් ගත කරති. මව හෝ පියා අළුතින් ගෙන එන ලද පුංචි අම්මා හෝ බාප්පා කෙරෙහි මෙම දරුවන්ගේ ඊර්ශ්‍යාවක් ඇතිවෙයි.

දික්කසාද වන පවුලක දරුවන් විසින් නීති විරෝධී ක්‍රියාවලට පෙළඹීම ඉහළ යන අතර, සමාජ නීති කෙරෙහි ඔවුන්ගේ තැකීමක් නොමැත. අධ්‍යාපනික වශයෙන්ද ඔවුන් ගත කරන්නේ පහත් මට්ටමකය. විභාග වලදී අසමානතා පෙන්වයි. වැඩිවිය පැමිණි පසුවද මොවුන් සමාජයට වෛර කරන ක්‍රියාවල නිරත වෙති. තමන්ට ළමා වියේදී නොලැබුණු ආදරයෙහි අඩුව ලබා ගැනීමට සමාජයේදී කැපී පෙනෙන චරිත වීමට උත්සාහ දරති.

මේ නිසා දෙමාපියන් දික්කසාද වූ පවුල්වල දරුවන්ගේ මානසික තත්ත්වය වර්ධනය විශේෂ අවධානයකින් සිදුකළ යුතුය. මෙහිදී දෙමාපියන් වෙන්ව යාමට සාධාරණ හේතු පිළිගැනීමටත්, ජීවිතය ගැන සුභවාදී ලෙස බැලීමට පුරුදු කිරීම වැදගත්ය. තනිකම හා පවුලෙන් ප්‍රතික්ෂේප වීම සම්බන්ධව අවබෝධයක් ලබාදිය යුතුය. දෙමාපියන් දෙස වැරදි දෘෂ්ටි කෝණයකින් නොබැලීමට පුරුදු කළ යුතුය. මේ සියළු තත්ත්වයින් මධ්‍යයේ ජීවිතය ජය ගැනීමටත්, අභියෝග හමුවේ ඉදිරියට යාමටත් පුරුදු කළ යුතුය. මේ සඳහා එම දරුවා වටා පවතින පරිසරය ස්ථානයක් විය යුතුය. ජීවත්වන පරිසරයේ යහළුවන් සහ හිතවතුන්ගේ සහාය ලබාගත යුතුය.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
ඔAස්ටේ්‍රලියාවේ පර්ත් නුවර සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *