දකුණේ ඉන්ෆ්ලුවෙන්සාව වෙන පළාත්වලටත් එයි–ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ රෝගින් වාර්තාවෙි

දකුණේ ඉන්ෆ්ලුවෙන්සාව වෙන පළාත්වලටත් එයි–ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ රෝගින් වාර්තාවෙි

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය දිවයිනේ අනෙකුත් පළාත්වලටත් මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශයේ හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මහජනතාව ගෙන් ඊයේ (12 වැනිදා) ඉල්ලීමක්‌ කළාය.

දැනටමත් බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්ද ඉන්µaලුවෙන්සා උණ රෝගීන් කීපදෙනකු හමුවී ඇතැයිද ඇය සඳහන් කළාය.

තවදුරටත් අදහස්‌ දක්‌වමින් විශේෂඥ වෛද්‍යවරිය මෙසේද කියා සිටියාය.

දකුණේ ඉන්µaලුවෙන්සා රෝගීන් තවත් වාර්තා වෙනවා. ගාල්ලේ දැන් යම් තරමකට අඩුයි. මේ වන විට ඉන්µaලුවෙන්සා උණ රෝගය දිවයිනේ අනෙකුත් පළාත්වලටත් පැතිරයමින් තිබෙනවා. මේ පිළිබඳව මහජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතුයි. සෙනඟ වැඩිපුර ගැවසෙන තැන්වල වැඩි වේලාවක්‌ රැඳෙන්න එපා. දරුවන් පරිස්‌සම් කරගන්න.

උණ, කැස්‌ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම වැනි රෝග ලක්‍ෂණ ඉන්µaලුවෙන්සා රෝගයේදී මතුවන බැවින් මෙවැනි රෝග ලක්‍ෂණ යම් පුද්ගලයෙකුට පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙසද විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

ඉන්µaලුවෙන්සා රෝග ලක්‍ෂණ ඇත්නම් ඉක්‌මන් සුවය සඳහා විවේක ගැනීම, බිත්තර, මාළු, මස්‌, කරවල, කඩල, පරිප්පු වැනි පෝෂ්‍යදායි ආහාර කෑම වේලට එක්‌කර ගැනීම කැඳ සුප්වැනි දියර වර්ග පානය, ළදරුවන්ට දිගටම මවුකිරි දීම ආදිය සිදුකරන ලෙසද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *