තොණ්ඩමන්ගේ නිවසේ ගින්නක්

තොණ්ඩමන්ගේ නිවසේ ගින්නක්

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා. අද දින (18) අලුයම 2 ට පමණ හටගත් ගින්නෙන් එම නිවසේ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ මුරකරුවෙකු පමණයි.

නුවරඑළිය මහා නගර සභාවේ හා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මෙන්ම කොත්මලේ පොලීසියේ නිලධාරින් එක්ව පාලනය කර තිබෙනවා. ගින්නෙන් එම නිවසේ තිබු පැරණි ගෘහ භාණ්ඩ රැසක් විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ගින්නෙන් සිදු වු අලාභය ද මෙතෙක් තක්සේරු කර නැති බවයි වාර්තා වන්නේ. මෙය තොණ්ඩමන් මහතාගේ පවුලට අයත් පාරම්පරික නිවසක්. හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ පවත්වන බව ද පොලිස් වාර්තා සඳහන් කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *