තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු ඡන්දෙන් සම්මතයි–ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටව යයි

තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු ඡන්දෙන් සම්මතයි–ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටව යයි

ආණ්ඩු පක්ෂය ඡන්ද දීමෙන් වැළකී සභා ගර්භයෙන් පිටව ගිය අතර විපක්ෂ මන්ත්‍රී 121 දෙනෙකු කථානායකවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

අද(23) දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයට පෙර උදෑසන 09ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි.

ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සහ අද දින සභාවේ න්‍යාය පත්‍රය සකස් කිරීමේ අරමුණින්ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සඳහා සාමාජිකයින් හත්දෙනා බැගින් යෝජනා කිරීමත් සමඟ එකඟතාවකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් වුණි.

මේ අතර පොලිස් නිලධාරීන් අද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට පෙර සිය ලියාපදිංචි අංක තහඩු ඉවත්කර කථානායක කාර්යාලය අසළ රැදී සිටියේය.

අනතුරුව පෙරවරු 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයතු ආරම්භ කෙරුණි.

එහිදී කථානායකවරයා තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් පළමුව සභාව දැනුවත් කළේය.

අනතුරුව අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායන අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජනය සම්බන්ධයෙන් නාමිකව ඡන්ද විමසීමක් ගන්නා ලෙසයි.

අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටව ගියේය.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ප්‍රකාශකළේ තේරීම් කාරක සභාවේ නියෝජනය සම්බන්ධයෙන් නාමිකව ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවයි.

අනතුරුව කථානායකවරයා විසින් අදාළ ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැත්වීමට පෙර සීනුව නාද කළ ද කිසිඳු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් සභාව තුළට පැමිණියේ නෑ.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත් වූ අතර එය ඡන්ද 121කින් සමන්විත වුණි.

උපුටා ගැනිම–අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *