තෙල් වැඬේ මෛත‍්‍රී අතට ගනී

ඉන්ධන ප‍්‍රශ්නය කඩිනමින් විසදීම සදහා ඇමති අර්ජුන රණතුංග මහතා ඇතුළු සිව් පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

කමිටුව සදහා පඨලි චම්පික රණවක, අනුර පි‍්‍රයදර්ශණ යාපා ,සරත් අමුණුගම යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත වේ

ඉන්ධන හිගය මග හරවා ගැනීමට නම් ඉන්දියාවෙන් තෙල් ආනයනය කිරීමට කමිටුව විසින් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
ඊයේ රැුස්වුන කැබිනට් මන්ඩල රැුස්වීමේදීද ප‍්‍රධාන මාතෘකාව වී ඇත්තේ දිනෙන් දින උග‍්‍රවෙමින් පවතින තෙල් අර්බුධය වේ.
එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් තෙල් අර්බුදය ඇති වීමට හේතු පෙන්වා දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *