තෙල් නැව ලංකාවට එන්නේ 9 වැනිදා රෑ- තෙල් අර්බුදය දිග් ගැහෙයි ද?

නැවැස්කා ලේඩි තෙල් නැව ලංකාවට එන්නේ 9 වැනිදා රෑ- තෙල් අර්බුදය දිග් ගැහෙයි ද?
ශ්‍රී ලංකාවට ඛණිජ තෙල් තොගයක් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සිට පැමිණීමට නියමිත නැවෙස්කා ලේඩි (NEVESKA LADY)නෞකාව මේ වන විට ඉන්දීය සාගරයේ ඇති බව ලයිව් ට්‍රැකර් (live tracking) තාක්ෂණය ඔස්සේ අද දෙරණ අනාවරණය කර ගත්තේය.

පැයට නාවික සැතපුම් 12.7ක වේගයකින ගමන් කරන මෙම නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වන විට 9 වැනිදා රාත්‍රී 7.30 පමණ වන බව නෞකාව හා සබැදුනු දත්ත පෙන්වා දෙයි.

කරුනු මෙසේ වුවත් ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍යය හමුවේ ප්‍රකාශ කළේ ඛණිජ තෙල් තොගය රැගත් නෞකාව 8 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ළඟා වන බවත් 9 වැනිදා දහවල් වන විට රටේ ඛණිජ තෙල් සැපයුම විධිමත් කරණ බවත්ය.

මේ සම්බන්ධයෙන්  ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ආනන්ද රාජකරුණා මහතා ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 8 වැනිදා පැමිණීමට නියමිත නැවැස්කා ලේඩි නැව පැමිණෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යෙය් සිට බවය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *