තෙල්දෙණිය ගැටුමට සම්බන්ධ අයගේ නම් රටට හෙළි කරන්න – පාඨලී පොලිසියෙන් ඉල්ලයි
තෙල්දෙණිය ගැටුමට සම්බන්ධ අයගේ නම් රටට හෙළි කරන්න – පාඨලී පොලිසියෙන් ඉල්ලයි
තෙල්දෙණිය ගැටුමට පිළිබඳ පොලිස් පරීක්ෂණ අවසන්වී ඇති බැවින් ඊට සම්බන්ධ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ අනෙක් පිරිස රටට හෙළි කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (26 වැනිදා) පැවැසීය.
ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ගම් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ පිටතදී තමාට සහ ජාතික හෙළ උරුමයට චෝදනා එල්ල වූ බව පැවසූ ඇමැතිවරයා මෙම ගැටුම්වලට තමාගේ හෝ හෙළ උරුමයේ කිසිවකු කිසිම ආකාරයකින් සම්බන්ධ නැති බව පරීක්ෂණවලදී තහවුරුවී ඇති බවත් මෙම ගැටුම
සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බහුතරයක් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ වූවන් බවත් කියා සිටියේය.
ඇමැති පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසුවේ පන්නිපිටිය, බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති
මාධ්‍ය හමුවකදීය.
දිවයින