තෙල්ගමු ඔයේ ඛේදවාචකය

 

මම එතෙන්ට ඉක්මනට ගියා වතුර පාර හයියෙන් එනකොට අපේ කට්ටිය එකට එකඑක්කෙනා අල්ලගෙන රොදට වගේ හිටියාමම හයියෙන් කෑගැහුවාහිමිට ගොඩට එන්නගොඩට එන්න කියලාඒත් එන්න එන්නම වතුර පාර සැර වුණාඉස්සරලාම එයාලා අල්ලංහිටපු රෝදේ කැඩුනාඑක එක්කෙනා එක එක්කෙනාව ගසාගෙන යන්න ගත්තාමගේමහත්තයා ගසා ගෙන ගිහිල්ලා වැළක එල්ලිලා ගොඩක් වෙලා හිටියාගොඩ එන්න උත්සාහකරමින්එතන හිටපු කිහිප දෙනෙක් යකඩ කූරක් දීලා එයා උඩට ගන්න හැදුවා යකඩ කූරඅල්ලන්ට හදනකොටම අතහැරිලා මහත්තයත් ගසාගෙන ගියා.

නාත්තන්ඩියේ පවුල් දෙකක පිරිසක්

මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි පවුල්දෙකක පුද්ගලයන් අට දෙනෙකු හදිසි දිය පහරකට හසුව තිබුණි.මේ අයගෙන් 5 දෙනෙකුගේ සිරුරු ඊයේ සවස් යාමය වන විට ප්‍රදේශවාසින්ගේද පොලිසියේ සහ ජිවිතාරක්ෂක කණ්ඩායම්ද ආධාරයෙන් සොයාගෙන තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ සංචාරක හෝටල් හිමිකරුවෙකු වූ කිංස්ලි රත්නායක (40) ඔහුගේදියණියන් වන රත්නායක මුදියන්සේලාගේ චිත්‍රානි රත්නායක(12) රත්නායකමුදියන්සේලාගේ හිරුනි දිල්හාරා රත්නායක (4) නැන්දනියන මානාවිටගේ චන්ද්‍රකාන්ති(59)වන අතර අනෙත් පවුලේ උදුවරගේ රවින්ද්‍ර වසන්ත (38) ඔහුගේ බිරිද ජයමහාආරච්චිගේ රමණී දිල්රුක්ෂි (37) ඔහුගේ දියණියන් වන උදුවරගේ ක්‍රිෂාන් වනිෂා (12)උදුවරගේ ඉමාෂා විදුෂා(07) යන අය වෙති .

මියගිය කිංස්ලි රත්නායක මහතා ලග්ගල ඇටන්වල ප්‍රදේශයේ සංචාරකහෝටලයක්ඉදිකරමින් සිටින නිසා නා ත්තන්ඩිය ප්‍රදේශයේ තවත් මිතුරු පවුලක කණ්ඩායමක් සමඟපසුගිය තුන් වෙනි දින උදෑසන ලග්ගල ඇටන්වල ප්‍රදේශයට පැමිණ තිබේ.
පසුව පවුල් දෙකේම පිරිස දිය නෑම සඳහා වැද්දා පැනි ඇල්ල ස්ථානයට ගිය බව මියගියකිංස්ලි රත්නායක මහතාගේ බිරිඳ දුලීකා මාරසිංහ මහත්මිය පැවසුවාය.DSC03302

මෙම කණ්ඩායම දිය පහරට හසුව ගසා ගෙන යෑමත් සමඟ ප්‍රදේශවාසීන්ද වහා පැමිණි ඇති අතර පසුව ලග්ගල පොලිසිය මෙන්ම පොලීස් ජීවිතාරක්ෂක නිලධාරීන්ද එම ස්ථානයටපැමිණ අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබුණිඑදින සවස් යාමය වනවිට මියගිය පස් දෙනෙකුගේ මළ සිරුරු ප්‍රදේශවාසීන්ද සහ පොලිසියඑක්ව ගොඩ ගනු ලැබූ අතර කුඩා දරුවන් තිදෙනෙකුගේ මල සිරුරු සොයා දිගින් දිගටමමෙහෙයුම්  ක්‍රියාත්මක කරනු ලැබූහඑම අයගේ සිරුරු සෙවීම සඳහා ොලිස් ජීවිතාරක්ෂකසංගමය ප්‍රදේශවාසීන්ගේ මෙන්ම යුද හමුදාවේ සහයද ලබා ගත් බව ලග්ගල පොලිසියේස්ථානාධිපති එම් .කේ .අමරසිංහ මහතා සඳහන් ක ළ

සිද්ධිය ඇසින් දුටු කිංස්ලි රත්නායක මහතාගේ බිරිඳ දුලීකා මාරසිංහ මහත්මිය.

මේ ප්‍රදේශයේ අපේ මහත්තයා හෝටලයක් ඉදි කරමින් ඉන්නවාමීට දින කීපයකට පෙරඑයා ඇවිල්ලා වැඩ බලලා ගියේ අපේ මහත්තයගේ යාලුවෙක් උපන්දින තිබුණාඑයාලාකිව්වා හෝටලේ පැත්තට ගිහිල්ලා විනෝද වෙමු කියලාඑයාලා පදිංචි වෙලා ඉන්නේපාරෙමයි.අපි තුන්වැනිදා තමයි මෙහෙට ආවෙ,”

අපි නාන්න එනකොට දනිස් වටක්වත් වතුර තිබුණේ නෑමගේ චූටි දරුවා වතුරේ හිටියා.අනිත් අය ඊට එහායින් හිටියේ එයාගේ සෙරෙප්පු දෙකත් වතුරට ගසා ගෙන යනකොට එයාඒක ගන්නත් උත්සාහ කළා තවත් කට්ටියක් එතන නාමින් හිටියා මම එතන ඉඳලා තාත්තාඉන්න තැනට ගියා තාත්තගේ සෙරෙප්පු දෙක දෙන්න .මගේ පොඩි දරුවා අම්මට අල්ලගන්නකියලා තමයි මම තාත්තා ළඟට ගියේතාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවාකියලා“.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *