තිදරු පියාගේ මළසිරුර කොට්ටව කැළයෙන් හමුවෙයි

මරණය සිය දිවි හානිකර ගැනීමක් ද

අතුරුදහන් තිදරු පියාගේ සිරුර දින 4කට පසු කොට්ටව රක්ෂිතයෙන් හමු වේ යක්කලමුල්ල කොට්ටව රක්ෂිත ප්‍රදේශයේ තිබී මීට දින හතරකට පමණ පෙර අතුරුදහන්ව සිටි වයස අවුරුදු 70ක් පමණ පියසේන නැමැති තෙල්ලඔූර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් (21) දින සවස සොයා ගන්නා ලදි

යක්කලමුල්ල පොලිස් ස්ථානයට හදිසි දුරකථන අංකය හරහා ලැබුනු දුරකථන ඇමතුමක් මත සොයා බැලීමේදී කොට්ටව රක්ෂිතයේ මීටර් 50ක් පමණ කැළය දෙසට වෙන්න ගසක එල්ලී සිය දිවි හානිකර ගෙන සිටියදී මෙම මළ සිරුර සොයා ගන්නා ලද අතර මේ වන විට මෙම පුද්ගලයා මරණයට පත් වී දින 4කට පමණ වැඩි කාලයක් වන අතර සිරුර හමුවන විට මළ සිරුර ඉදිමී පණුවන් ගසා සතුන් ආහාරයට ගමින් තිබූ අතර එම ප්‍රදේශයෙන් දැඩි දුර්ගන්දයක් ද පැවතිනි

මේ ආසන්නයේ තිබී රියදුරු බලපත්‍රය ඡාතික හැදුනුම්පත හා එම මරණකරු ලියූ ලිපියක්් තිබින එම ලිපියේ සදහන් කර ඇත්තේ මෙම මරණයට බිරි`ද දූ දරුවන් කිසිවෙකු සම්බන්ධ නොවන බවත් තමා විසින් සියදිවි හානි කර ගන්නා බවත්ය එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මරණකරුගේ පුතුන් දෙදෙනා විසින් මරණය හදුනා ගන්නා ලදි

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත පෙරේරා මහතා ඇතුළු නිළදාරීන් කණ්ඩායමක් හා කොට්ටව හදිසි මරණ පරීක්ෂක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා හදිසි මරණ පරීක්ෂණය පැවැත් විය පසුව සිරුර වැඩි දුර පරීක්ෂණය සදහා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යන ලදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *